Home > දෙමාපිය දැනගැනිම පිණිස > ඔබත් කාර්යය බහුල මවක්ද? පියෙක් ද?

ඔබත් කාර්යය බහුල මවක්ද? පියෙක් ද?

කාර්යාලයේ ඉතාම කාර්යබහුල දිනක් ගත කළත්,දරුවන් සමඟ ටික වෙලාවක් ගත කිරීමට අමතක කරන්න එපා

ඔබ නරඹන රූපවාහිනී ටෙලි නාට්‍ය පටන් ගන්නේ රාත්‍රී 9 ටයි.  ඔබ කාර්යබහුල දිනයක් ගත කර, රාත්‍රී 9 වනතුරු ඔබට අවදිව සිටීමද හැකිද?  ළමයින්ව පාසැලට ගෙනයාමට, ඔවුන්ගේ නොයෙකුත් අමතර පංති, රාත්‍රී ආහාරය පිළියෙළ කිරීම, ගෙදර වැඩ, රෙදි සේදීම සහ ඒ සියල්ලටම වඩා ශ්‍රී ලංකාවේ රැකියාවක්  කරන මවකට සහ පියෙකුට නම්, තම ගෙදර වැඩට අමතරව තවත් කළ යුතු වැඩ රාජකාරි බොහෝ ඇති !  ඔබගේ ඉතිරිව ඇති අන්තිම ශක්ති ජනක අංශුව ඔබව ඇඳ වෙත ගෙන යාමට පමණක් සෑහෙනු ඇත.  එවිට තමයි ඔබට පසුවදා උදේ පාන්දර 4 ට අවදි වී තම එදිනෙදා කටයුතුවල නියැලීමට හැකි වන්නේ.  ශ්‍රී ලංකාවේ බොහෝ මව්පියවරුන් ගත කරන්නේ මෙවැනි කාර්යබහුල දවසකි. අපට අපේ වැඩ කටයුතු වලට උදව් කිරීම සඳහා, අඩු වශයෙන් අපේ පවුලේම තවත් කෙනෙක් බොහෝ වෙලාවට සිටීම ඉතා වාසිදායක තත්ත්වයකි.  කුඩා දරුවන් සමඟ ගත කරන මෙම කාර්යබහුල දවස අපට දැනෙන්නේ එය සතියක පමණ කාලයක් බවත්, සතිය මාසයක් පමණ කාලයක් බවයි.

ඉතින්, ශ්‍රී ලංකාවේ සිටින මෙම කාර්යබහුල දෙමව්පියන්  නිරතුරුව කල්පනා කරනුයේ කවදා මෙම කාර්යබහුලත්වයෙන් මිදී, කාර්යාලයේ  නිස්කලංක දවසක් ගත කර, තම සහකරු සමඟ පීඩනයකින් තොරව ප්‍රීතිමත් සන්ධ්‍යාවක් ගත කළ හැකිද කියායි.  නමුත් මෙය කිසිදා ඉටු නොවේ. වෙලාව ක්‍රමයෙන් ගත වෙද්දී, ඔබේ මාස 5 දරුවාට අවුරුදු 5ක් පිරෙන්නේ, ඔබ ඇසිපිය ගහන සැණිනි.  ඉන්පසු ඔහු/ඇය අවුරුදු 15 තරුණයෙක්/තරුණියක් බවට පත් වී, තමන්ටම උරුම වූ නොයෙකුත් ප්‍රශ්ණ රැගෙන ඒවි.  සෑම දවසක්ම, අලුත් දෙයක්, විශ්මිත දෙයක් ජීවිතයට එක්කරන අතර, අපේ වැඩිහිටි ජීවිත නොයෙකුත් අභියෝගවලට ඇද දමනු ලැබේ.

ශ්‍රී ලංකාවේ අපි දෙමව්පියන් වශයෙන්  ඉතා ඇල්මෙන් යුක්තව මාපිය කටයුතු කරන්නන්, මන්දගාමී මාපිය කටයුතු කරන්නන් සහ රළු මව්වරුන් යනුවෙන් වර්ග කළ හැක.  කෙසේ නමුත්,  අවුරුදු 10 ක් පමණ කාලයක් නිවසේ සිටින මවක් වශයෙන් මට කිව හැක්කේ, මාපිය කටයුතු පිලිබඳ දර්ශනවාදයේ ඇති එක් සත්‍යයක් නම්, ඔබ සමඟ ඉතා අර්ථවත් වෙලාවක් ගත කිරීමට ඔබේ දරුවාට අත්‍යවශ්‍යය.  ඔවුන්ට ඔබ කවුද සහ මූලිකව, ඔබ ජීවත් වන්නේ කෙසේද යන්න දැන ගැනීමට අවශ්‍ය වේ.

ශ්‍රී ලංකාවේ රැකියාවේ නිරත මවක් හෝ පියෙක් නම්, ඔබේ දරුවන් දවසේ වැඩි වෙලාවක් ගත කරන්නේ, පාසැලේ, දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ, මෙහෙකරුවෙක් සමඟ හෝ ඔවුන්ගේ ආච්චිලා සීයලා  සමඟ වේ.  ඉතින්, ඔබ ඔවුන් සමඟ ගත කරන මොහොත ඔවුන්ට ඉතා වටිනා අවස්ථාවකි.  ඔබ තම දරුවන් සමඟ ගත කරන්නේ මිනිත්තු කිහිපයක්ද, පැය කිහිපයක්ද යන්න නොව, වඩා වැදගත් වන්නේ, ඔබ ඔවුන් සමඟ ගත කරන එම කාලය ඉතා සතුටුදායක කාලයක් වීමත්, ඔවුන්ගේ සිත් තුල සදා මතකයේ පවතින කාලයක් වීමත් පමණකි.

මම රැකියාව කරන කාලයේ, දරුවන් සමඟ පැය දෙකක් පමණ සෙල්ලම් කරමින් හෝ උද්‍යානයක හෝ චිත්‍රපටියක් බලමින් හෝ බඩු මිළයට ගනිමින් සහ ඔවුන් සමඟ දහවල් ආහාර වේලක් ගැනීම සඳහා කාලයක් ගත කළ අතර, එය ඔවුන්ගේ මතකයේ සදා නොමැකෙන ලෙස ගතකරන්නට හැකි පමණ උත්සහ කළෙමි.   නමුත්, ඔබ දරුවන්ව බැලේ පංති හෝ පිහිනුම් පංති සඳහා රැගෙන යාමේදී, තම රථය තුල හෝ එම සතුටුදායක කාලය ගත කළ හැකිය.

ඔබට ඔබේ දරුවන් සමඟ ජීවිතයේ සෑම කාලයක්ම ගත කළ නොහැක. ඔබේ  දරුවන් කවදා හෝ දවසක ඔවුන්ගේ වැඩිහිටි ජීවිතයට පා නගනු ඇත.  එවිට, ඔවුන් තම කුඩා කාලයේ ගත කළ සතුටුදායක පරිසරය නිසා, ඔවුන්ගේ  වැඩිහිටි දිවිය ඉතා තෘප්තිමත් ලෙස ගත කිරීමට පෙළඹේ.  එවිට, ඔබට  ඉතා වාසනාවන්ත සහ සාර්ථක මවක් හෝ පියෙක් ලෙස සතුටු විය හැක.

#fathermother #hardwork #children # busymother #busyfather

note

You may also like
සෑම දරුවෙක්ම දැනගත යුතු කෑම මේසයේ හොඳ පුරුදු
ළමයින් තුල හොඳ ගතිගුණ ස්ථාපිත කිරීම
ඉංග්‍රිසි අක්ෂරමාලාව කුඩා දරුවන්ට ඉගැන්වීමට ඇති පහසු ක්‍රම
මවක් රට රැකියාවට යාමෙන් අසරණවන දරුවන්