Home > ගර්භනී > ඔබට සහ ඔබේ බබාට නව තාක්ෂණය

ඔබට සහ ඔබේ බබාට නව තාක්ෂණය

පියයුරු පොම්පයට (Breast Pump) ස්තුතියි.  දැන් පුතා මගේ කිරි දවල්ටත් බොනවා” කියා අනුෂි ඇගේ මිතුරියට ස්තුති කළා.

ඔබේ බබාගේ වැඩත්, කාර්යාලයේ වැඩත් සමබරව කිරීම ඔබට අභියෝගයක් !  නමුත්, ශ්‍රී ලංකාවට දැන් හඳුන්වා දී ඇති නව තාක්ෂණය නිසා, බොහෝ මව්වරුන්ට මේ කාර්යයන් දෙකම කරමින්, තම නිවසේ වැඩ කටයුතු කිරීමට ඉතා පහසුවක් ඇති වී තිබෙනවා.

එහි ප්‍රතිඵලයක් ලෙස, මව්වරුන්ට පහත සඳහන් ඵල ප්‍රයෝජන ලබා ගත හැකියි.

  • ඉක්මනින් සහ වඩාත් හොඳින් – තාක්ණය ඔබේ කාලය සහ ශක්තිය ඉතිරි කරයි
  • හසුයි – ඔබට වැඩි මහන්සියකින් තොරව ඔබේ වැඩ කටයුතු කර ගත හැකියි
  • එකවර කාර්යයන් කීපයක් – එකවර කාර්යයන් කිහිපයක් කර ගැනීම
  • බොහෝ දුරට නිර්දෝෂී – ඉහළ තාක්ෂණික උපාංග වැඩි නිරවද්‍යතාවයකින් යුක්ත වේ. එමනිසා, සිදුවන ප්‍රමාද දෝෂ ඉතා සුළුයි.
  • විවේකීව සිටීමට වැඩි කාලය – ඉතා අඩු කාලයකින් වැඩ කර ගැනීම නිසා, විවේකීව සිටීම වැඩි කාලයක් ලැබේ

තාක්ෂණයේ   ආශ්චර්යය

නිවසේ රැඳී සිටිනා කාන්තාවන්ට වඩා රැකියාවට යන කාන්තාවන්ට තම දරුවන්ගේ වැඩ කටයුතු කිරීමට ඇති කාලය ඉතා සීමිත වේ.  නමුත්, දැන් මව්වරුන්ට සහ බබාලාගේ ප්‍රයෝජනය සඳහා ඇති නොයෙකුත් මාදිලියේ තාක්ෂණික උපකරණ නිසා, ශ්‍රී ලංකාවේ මව්වරුන්ට ඔවුන්ගේ ජීවිත වඩාත් පහසු කෙරේ.

මාතෘත්ව නිවාඩුවෙන් පසු මව්වරුන්, තම සේවා ස්ථානයේ රැකියාවට යාමේදී, ඔවුන්ගේ බබාලාට  මව්කිරි දිගටම දීමට බලාපොරොත්තු වේ.  පියයුරු පොම්ප (Breast Pumps) ඔවුන්ට ඉතා හොඳ විසඳුමකි!  එවිට ඔවුන්ගේ බබාලාට තම මව ළඟක නොසිටියද, මව්කිරි බීමේ වාසනාව හිමි වේ.  පියයුරු වලින් කිරි ගැනීම සඳහා පියයුරු පොම්පයක් භාවිතා කිරීමෙන්, අතින් කිරි දෙවීමට වඩා ඉක්මනින් සහ පහසුවෙන් කළ හැකි වේ.

තම පියයුරු වලින් ගත් කිරි නැවුම්ව තබා ගැනීම සඳහා බෝතල් වල දමා ශීතකරණයේ තබා ගත හැක.  මේ සඳහා නිෂ්පාදිත විවිධ හැඩයෙන්, පාටින්, මෝස්‌තර වලින්  සහ මිළ ගණන් වලින් යුත් බෝතල් විශාල ප්‍රමාණයක් ඔබට ලබා ගත හැක.

#BreastPump #newmother #newbornbaby #newbornbabyandmother

අයිතිය අත්හැරීමේ ප්‍රකාශය :

මමිපේජස් යනු වෛද්‍යවරයෙක් හෝ චිකිත්සකයෙක් නොවේ. මෙම වෙබ් අඩවියේ ඇති තොරතුරු සාමාන්‍ය දැනගැනීම පිණිස මිස, එය විශේෂඥ වෛද්‍ය උපදෙස් නොවන බව කරුණාවෙන් සලකන්න. මෙම වෙබ් අඩවියේ ඇති තොරතුරු රෝග විනිශ්චය කිරීම සඳහා යොදා නොගන්න. ඔබට යම් රෝගයක් වැළඳී ඇති බව දැනේ නම්, වහාම වෛද්‍යවරයෙක් හමුවන්න.

You may also like
ඔබගේ බබාගේ මොළය වැඩීමට උපකාරී වන දිනපතා ක්‍රියාකාරකම්
Those Dreaded Labour Pains & Final Reward
The Quiet Resolution of Breastfeeding
කිරි දීම යනු කුමක්ද?
error: Content Protected © mummypages.lk