බබාලා ඉපදෙන්නේ ශුන්‍යය මොළයක් ඇතිවයි. බබා ඉපදුන පසුව ඔහුගේ/ඇයගේ මොළය චමත්කාරජනක සිතිවිලි, විශිෂ්ඨාර්ථ අදහස් වලින් පරිපූර්ණ විය යුතුයි. ළමයින්ගේ මොළයේ වැඩීම දියුණු කිරීම දෙමව්පියන්ගේ, වැඩිහිටියන්ගේ සහ ගුරුවන්ගේ වගකීමකි,
පෙරපාසැල (මොන්ටිසෝරි)
දරුවාට වයස අවුරුදු 2 වනවිට, කතා කිරීමට, ප්‍රශ්ණ නැඟීමට සහ පරිසරයේ තමන් අවට ඇති දේ පිළිබඳ විමර්ශනය කිරීමට පටන් ගනී. (දරුවන්ගේ වයස 0 – අවුරුදු 6 වනතෙක් ඔවුන්ගේ මොළයේ අඛණ්ඩ වැඩීම සිදු වේ).
එමනිසා, දරුවන්ට වයස අවුරුදු 2 වනවිට, ඔවුන්ව පෙර පාසැල් වලට ඇතුළත් කරන්නේ, එහි උගන්වන වෘත්තීමය ගුරුවරුන් විසින් ඔවුන්ට අවශ්‍ය දැනුම ලබා දීම සඳහා, ඔවුන්ව නිසි ක්රියාකාරීකම්වලට සහභාගී කරවා ගන්නා නිසාය.
මවට නිවසේදී කළ හැකි දේ
ළමයින්ගේ මුල් ගුරුවරුන් වන්නේ තම දෙමව්පියන් සහ ළමයින්ව නිවසේදී බලා ගන්නා කරුණාවන්ත වැඩිහිටියන් වේ. ඔබේ දරුවාගේ ක්‍රියාකාරකම්, සාමාජීය හැකියාවන්, ස්වාධීනත්වය සහ චිත්තවේගී ආවේග පාලනය කරගැනීම සඳහා ඔවුන්ව උද්යෝගිමත් කළ යුතුවේ. (විශේෂයෙන් දරුවාගේ ප්‍රධාන රැකබලාගන්නාගෙන් දරුවා වෙන් වී සිටින විටදී).
අපි සියළු දෙනාටම අවශ්‍ය වන්නේ අපේ දරුවන් ඉතා හොඳ ගතිගුණ වලින් හෙබි ශක්තිසම්පන්න වැඩිහිටියන් කිරීමටයි. ඒ සඳහා ඔවුන්ගේ මොළයේ ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කිරීමට සහ උත්තේජනය කරවීම සඳහා අවශ්‍ය මානසික පෝෂ්‍ය පදාර්ථ, විශේෂයෙන් දරුවාට අවුරුදු 6 වනතෙක් ලබා දීම අත්‍යවශ්‍ය වේ.
#kids #newbornbaby #babycare #kidsarticleinsrilanka #sinhalaarticle #preschool