Home > Latest Articles > ඔබගේ පුර්ව ප්‍රසව අවදියට සම්බන්ධ නිලධාරීන් හඳුනා ගනිමු ?

ඔබගේ පුර්ව ප්‍රසව අවදියට සම්බන්ධ නිලධාරීන් හඳුනා ගනිමු ?

ශ්‍රි ලංකාව තුල සිටින පුර්ව ප්‍රසව කණ්ඩායම

ඔබ දන්නවද ? ලංකාව ආසියාවේ හොදම පුර්ව ප්‍රසව රැකවරණය ලබා දෙන පද්ධති වලින් එකක් බව.දත්ත වලට අනුව ලංකාවේ  මාතෘ සහ ළමා සෞඛ්ය  බොහෝ සංවර්ධිත රට වල තත්වයට සමාන වේ. මෙයට විශාලම හේතුව වන්නේ දීප ව්‍යාප්තව මහජන සෞඛ්ය ක්ෂේත්‍රයේ සිටින පුර්ව ප්‍රසව සාත්තුව සපයන්නන්ගේ පවතින මනා සේවයයි.රජයේ හා පෞද්ගලික සෞඛ්ය ක්ෂේත්ර වල ඔබට සේවය සපයන්න සිටින වෘර්තියවේදීන් පිලිබදව දැනගැනීම ඉතා වැදගත්.එවිට ඔබට සහ දරුවට ගර්භණී අවධියේදී,දරු උපතේදී,මාතෘ අවධියේදී මෙම සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ලබාගත හැකියි. පහතින් දැක්වෙන්නේ ශ්‍රි ලංකාව තුල පුර්ව ප්‍රසව කාලය තුල සේවය ලබාදෙන වැදගත් නිලධාරීන් කිහිප දෙනෙකු පිළිබදවයි.

මහජන සෞඛ්‍ය නිළධාරිනිය (Midwife/PHM)

පුර්ව ප්‍රසව කණ්ඩායම තුල වැදගත් ස්ථානයක් හිමි වන්නේ ඔබ සමග නිතර සම්බන්ධතා පවත්වන මහජන සෞඛ්ය නිළධාරිනියටයි. පවුල් සැලසුම්,මාතෘ සෞඛ්ය සහ ළමා සෞඛ්ය පිළිබදව ඔවුන්ට විශේෂ පුහුණුවක් ලබා දී තිබෙන අතර, ගර්භණී මවුවරුන්ට,දරු උපත් ලබාදීමෙන් අනතුරුව මවුවරුන්ට හා බ්ලිදුන් මුහුණ පාන පොදු ගැටළු වහා හදුනාගෙන වාර්තා කිරීමට ඔවුන්ට හැකියාව තිබෙනවා.ශ්‍රි ලංකාව පුරා සිටින මහජන සෞඛ්ය නිලධාරීන්ගේ කැපවීම නිසා පළමු මුල් මාස 3 ඇතුළත 95% වඩා ගර්භනී තාවයන් හදුනා ගැනීමට හැකි වී තිබෙනවා.

ශ්‍රි ලංකාව තුල සිටින වයස අවුරුදු 16 ත් 50 ත් අතර ඔබ විවාහකයි නම්, ඔබේ ප්‍රදේශය තුල සිටින පවුල් සෞඛ්ය නිලධාරීතුමිය සෑම මාස තුනකට වරක් ඔබේ නිවසට පැමිණ ඔබට තිබෙන ප්‍රජනන සහ පවුල් සෞඛ්ය පිළිබද ගැටළු වලට විසදුම් ලබාදීමට උපකාරී වෙවී.තවමත් ඇය ඔබ හමුවීමට නොපැමිණියේ නම්, ලගම ඇති සයනයේ වෛද්‍යවරයා හමු වී ලියාපදිංචි වී ඇත්දැයි පරික්ෂා කරගන්න.

ඔබට මාසික ඔසප් වීම සිදු නොවුනහොත් පවුල් සෞඛ්ය නිලධාරීනිය ඔබේ නිවසට පැමිණි විට ඒ පිළිබධව ඇයට පවසන්න.  එවිට ඔබ ගැබ් ගෙන ඇත්දැයි පරික්ෂා කිරීමට සරල මුත්‍රා පරීක්ෂණයක් සිදු කර ගනිඉමට ඇය උපකාරී වේවි. පරීක්ෂණයට අනුව ඔබ ගැබ් ගෙන ඇත්නම් ගර්භණී කාලය පුරා ඔබේ සෞඛ්ය පිළිබද වාර්තා පවත්වාගෙන යාම සදහා පෝරමයක් ලබා දෙන අතර ඔබව ළගම ඇති වෛද්ය කාර්යාලයේ සායන සදහා සහභාගි වීමට උනන්දු  කරාවි.

සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය (MOH)

සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය මගින් ප්‍රජා සෞඛ්‍ය හා  වෘර්තියවේදීන් හමුවීමට අවස්ථාව ලබාදීම සිදුවේ.වෛද්‍ය නිලදාරීන් විසින් සංවිධානය කර ඇති පුර්ව ප්‍රසව හා ළදරු සෞඛ්‍ය සදහා පවත්වන සායන සදහා සහභාගී වීමට ලියාපදිංචි වන්න.මෙම සායන වලට සහභාගී වීම මහින් ගර්භනී මවුවරුන්ට; සමබල ආහාරවෙලක්, පෝෂණය, ව්‍යායාම, ගර්භනී කාලයේදී තමාගේ සෞඛ්‍ය පවත්වා ගැනීම පිලිබදව හා ළදරුවා රක බලා ගැනීම පිලිබදව පුහුණුවක් ආදී දේ ගැන වැදගත් තොරතුරු රාශියක් ලබාදීම සිදුවේ.මෙම ස්ථානයට පළමු පමිනීමේදීම නිලධාරියා විසින් සාමාන්‍ය ලේ හා මුත්‍රා පරීක්ෂණ , පරීක්ෂාවන් ,ස්කෑන් නිර්දේශ කරන්නේ ඔබේ බිළිදාගේ වර්ධනය කෙසේද යන්න තහවුරු කර ගනීමටයි.මෙමගින් ඔබේ ගර්භනීභාවය වර්ග කර ගැනීමට ඔහුට හැකි වෙනවා. එනම් අවදානම් හෝ වෙනත් ගැටළුවක් අත්දැයි සොයා ගැනීම මගින් ඔබව විශේෂිත ප්‍රසව වෛද්‍යවරකුට යොමු කිරීම සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය මගින් සිදු වේ.

#duringpregnancy #mother #Pregnancycare

අයිතිය අත්හැරීමේ ප්‍රකාශය :

මමිපේජස් යනු වෛද්‍යවරයෙක් හෝ චිකිත්සකයෙක් නොවේ. මෙම වෙබ් අඩවියේ ඇති තොරතුරු සාමාන්‍ය දැනගැනීම පිණිස මිස, එය විශේෂඥ වෛද්‍ය උපදෙස් නොවන බව කරුණාවෙන් සලකන්න. මෙම වෙබ් අඩවියේ ඇති තොරතුරු රෝග විනිශ්චය කිරීම සඳහා යොදා නොගන්න. ඔබට යම් රෝගයක් වැළඳී ඇති බව දැනේ නම්, වහාම වෛද්‍යවරයෙක් හමුවන්න.

You may also like
ගර්භනී කාලයේ ඇතිවන ශ්‍රෝණි මේඛලා වේදනාව
ප්‍රසව අවධිය ගර්භණි මවට හමුවන වෛද්‍යවරැ හඳුනා ගමුද ?
Benefits of exercise during pregnancy
ගර්භනී සමයේ ඔබටත් පපුව දැවිල්ල හට ගන්නවාද ?