Home > දෙමාපිය දැනගැනිම පිණිස > උපන්දින සාදයකට ලැහැස්ති වීම!

උපන්දින සාදයකට ලැහැස්ති වීම!

“පුතාගේ පළවෙනි උපන්දිනය තියෙන්නේ ලබන සතියේ.  මටත් එයා වෙනුවෙන් ලොකු උත්සවයක් ලැහැස්ති කිරීමට හැකි නම්….. නමුත් ඒකට කීයක් වියදම් වෙයි ද?”  නිරෝෂි, ඇගේ ආර්ථික පසුබිම ගැන සිතා, ගැඹුරු හුස්මක් පිට කළා. “අයියෝ, ඕකත් දෙයක්ද?  ඔයා ඒ ගැන කරදර වෙන්න එපා!  උපන්දින උත්සවයක් ගැනීමට වඩා, උපන්දියක් සැමරීමට හොඳ, සාමාන්‍ය සහ උද්යෝගිකර දේවල් තියෙනවා”  යනුවෙන් ඇගේ යෙහෙළිය – මීනු කිව්වේ, නිරෝෂිට සාමාන්‍ය ක්‍රමයෙන් බැහැරව සිතීමට උපදෙස් දෙමිනි.

දෙමව්පියන්ට තම දරුවාගේ උපන්දිනය ඉතා විශේෂ සතුටුදායක දිනයකි.  එය ඔබේ දරුවාගේ පළවෙනි උපන්දිනය වාගේම, ඔහුගේ හෝ ඇයගේ ජීවිතයේ එක් වැදගත් සැතපුම්  කණුවක් කරා ලඟා වීමකි.  එමෙන්ම තමන්ගේත්, දෙමව්පියෙක් වීමේ භාග්‍ය ලැබීමේ පළවෙනි අවුරුද්දයි.

ශ්‍රී ලංකාවේ  දෙමව්පියන්, තම දරුවන්ගේ පළවෙනි උපන්දිනයට උත්සවයක් ගැනීම සාමාන්‍ය දෙයක් බවට පත් වී ඇත.  නමුත්, දරුවාගේ උපන්දිනයට සාදයක් ලැහැස්ති කිරීම අනිවාර්ය ක්‍රියාවක් නොවේ.

දරුවාගේ පළවෙනි උපන්දිනය සැමරුම රඳා පවතින්නේ, දෙමව්පියන්ගේ ආර්ථික තත්ත්වය, සමාජීය පසුබිම, පුද්ගලික හැඟීම් මත වේ.  මෙම විශේෂ අවස්ථාව, බැලුම්, සැරසිලි, උපන්දින සුභ පැතුම්, උපන්දින කේක් සහ රසකැවිලි නැතිව, විශේෂ  අයුරින්  ඇගයිය හැකිය.  එනම්, දානයක් දීමෙන්, යෝග්‍ය දෙයකට පරිත්‍යාගයක් කිරීමෙන්, අනාථ නිවාසයකට යෑමෙන්, පවුලේ සැම එක්වීමෙන් සහ කුඩා විනෝදජනක ගමනක දරුවා සමඟ යෙදීමෙන්, ඔබේ දරුවාගේ විශේෂිත දිනය අමතක නොවෙන සිදුවීමක් කළ හැකිය.

උපන්දින උත්සවයක් ගැනීමේදී, ධනාත්මක සහ ඍණාත්මක හේතු පදනම් වේ.

ධනාත්මක හේතු

  • එය දරුවාට මෙන්ම දෙමව්පියන්ටද ප්‍රීති උත්සවයකි.
  • ඔබේ දරුවා මතක තබා ගැනීමට නොහැකි තරමේ පුංචි දරුවෙක් වුවත්, සාදයේදී ගන්නා ෆොටෝ නිසා, එය නොමැකෙන මතක සටහනක් වේවි.
  • එය පවුලේ සෑමදෙනා එකට එකතු වීමට සහ ඔවුන්ට හොඳ සංග්‍රයක් ලබා දීමට හොඳ අවස්ථාවකි.
  • ඔබේ යහළුවන්ගේ සහ ඥාතීන්ගේ ආදරය සහ සැලකිල්ලට ඔබේ දරුවා භාජනය වේ.
  • ශ්‍රී ලංකාවේ උපන්දින සාද වලදී, බබාලාට විවිධ තෑගි ආරාධිතයන්ගෙන් ලැබේ.

ඍනාත්මක හේතු

  • පරිසමාප්ත උපන්දින සාදයක් සැලසුම් කිරීම පීඩාදායී ක්‍රියාවකි.
  • ශ්‍රී ලංකාවේ උපන්දින සාද පැවැත්වීම, ඔබ බුද්ධිමත්ව වියදම් නොකළහොත්, ඔබට අනවශ්‍ය වියදම් දැරීමට සිදුවෙන, ඉතා මිළ අධික ක්‍රියාවලියකි.
  • ආරාධනා පත් යැවීම, නියමිත සංගීතය යොදා ගැනීම, සාදය පවත්වන ස්ථානය සැරසීම, කෑම සුදානම් කිරීම ආදිය වේලාව වැය වන දේවල් වේ.
  • උපන්දින සාදය නිවසේ පැවැත් වුවහොත්, සාදයට පසු, නිවස පිරිසිදු කිරීම ඉතා වෙහෙසදායී ක්‍රියාවකි.
  • ඔබේ අනෙක් දරුවන්ද, ඔවුන් වෙනුවෙනුත් එවැනි උපන්දින සාද ඉල්ලා සිටිය හැක.

ඔබේ දරුවාගේ උපන්දින සාදය පැවැත්වීම හෝ නොපැවත්වීම ඔබේ පුද්ගලික සිතිවිල්ලකි.  මෙහි විශේෂ වැදගත්කම වනුයේ, මෙම විශේෂිත දිනය ඔබේ දරුවා සමඟ සතුටෙන් ගත කිරීම සහ එම දිනය මතකයේ රැඳෙන විශේෂ දිනයක් කර ගැනීමයි.

ඔබේ දරුවාගේ පළවෙනි උපන්දිනය ඔබ සැමරුවේ කෙසේද?  එය ඇත්තේ තව ඉදිරි දිනයකදී නම්, ඔබ එය සමරන්නට බලාපොරොත්තු වන්නේ  කෙසේදඔබේ අදහස් මමිපේජස් සමඟ බෙදා හදා ගන්න

#birthdayparty #kidsbirthdayparty # birthdaycake #firstbirthdaycelebration

note

error: Content Protected © mummypages.lk