Home > Latest Articles > උපතට පෙර සිට සාමාජීය පෙරහුරුව

මවගේ ගර්භයෙහි සිටියදීම, දරුවා ඔහුගේ/ඇයගේ දෙමව්පියන් සමඟ අන්නෝන් සම්බන්ධතාවයක් ඇති කර ගනී. දරුවා ඔබේ ගර්භයෙහි සිටිද්දීම දරුවා සමඟ කතා කිරීමෙන්, දරුවාව සිතින් මවා ගැනීමෙන් සහ පිටතින් සෙනෙහසින් ඇල්ලීම වැනි දේ කිරීමන්, දරුවා වර්ධනය වනවිට  දරුවාගේ සාමාජීය සහ චිත්තවේගී ආවේග වැඩි දියුණු කළ හැකිය.

මෙම අවස්ථාවේ දී පවා දරුවාට ඔබව ඇසෙන අතරම, අම්මාගේ සහ තාත්තාගේ කටහඬ හඳුනා ගැනීමේ හැකියාවක්ද ඇත. ඔබ දෙදෙනාම නිරතුරුව ඔබේ බබා ගර්භයේ සිටිද්දීම, ඔහු/ඇය සමඟින් කතාබහ කරන්නමෙමඟින් ඔබේ බබා සහ ඔබ දෙදෙනා අතර  ඉතා ළඟ බැඳීමක් ඇති වේ.

ගර්භනී අවස්ථාවේ සතුටින් සිටින්න; ධනාත්මකව සිතන්නමෙමඟින් ඉදිරි අනාගතයේදී ඔබේ බබාගේ චිත්තවේගාත්මක සහ පෞරුෂත්ව වර්ධනය කර ගැනීම සඳහා ඉවහල් වේ.

ඔබේ බබා ගර්භයේ සිටිද්දීම ගර්භය පිටතින් මෘදු ලෙස ස්පර්ශ කිරීමෙන් , අතින් තට්ටු කිරීමෙන් සහ අත ගෑමෙන් දරුවාගේ මුල් කාලය තුළදීම ඔබේ සහ ඔබේ සහකරුගේ සෙනෙහසට හුරු වේ.

ඔබේ ගර්භයේ සිටින බබාට සොයුරු සොයුරියන් සිටී නම්, ඔවුන්වද බබා සමඟ කතා කිරීමට දිරිමත් කරන්න. මෙමඟින් සොයුරි සොයුරියන් අතර සම්බන්ධතාවය වැඩි දියුණු වේ.

ගර්භනී අවස්ථාවේ සිටිනා විට, ආරාවුල් ඇති කරගැනීම සහ වාද විවාද කිරීම වැනි දේට සම්බන්ධ වන්න එපා. ශබ්ද නගා කතා කරනවිට බබා පීඩාවට පත් වන අතර, ඔබ තරහෙන් හෝ අසතුටෙන් සිටින විට, එය බබාට දැනෙන බව අමතක කරන්න එපා.

දරු ප්රසුතියට ප්රථම, සිංදු කීම, හඬ නඟා පොත් පත් කියවීම, මෘදු සංගීතයට ඇහුන්කම් දීම ආදී නිර්මාණශීලී ක්රියාවන්ට සහභාගී වීමෙන්, දරුවාගේ පෞරුෂ්යත්වය වර්ධනය වේ

#pregnancy #newbaby #newbornbaby #motherandbaby #mybaby

 

 

note

You may also like
Physical Changes During Pregnancy
නීරෝගී ගර්භනී අවස්ථාවක් ගත කිරීමට අවශ්ය ආහාර රටාවක්
නිවස තුළ ළමා ආරක්ෂාව සැපයීම
ඔබගේ බබාගේ මොළය වැඩීමට උපකාරී වන දිනපතා ක්‍රියාකාරකම්
error: Content Protected © mummypages.lk