Home > දෙමාපිය දැනගැනිම පිණිස > උදාසීන ළමුන් ප්‍රබෝධමත් කිරීම

උදාසීන ළමුන් ප්‍රබෝධමත් කිරීම

සමිතා ඇගේ අවුරුදු 10ක් වයසැ’ති පුතා සමඟ පාසලේ දුන් ගෙදර වැඩ කිරීමට පටන් ගැනීමට ඉතා අකමැතියි!  එය පටන් ගැනීමට පෙර ඇය අරුන්ට කීප වරක් කතා කළාට පසුවයි, ඔහු පොත් රැගෙන ඇය සිටින ස්ථානයට පැමිණෙන්නේ.  ඔහු ගෙදර වැඩ නිම කිරීමට ඉතා අකමැතියි.  එනිසා  අන්තිමට සමිතාට කේන්ති ගෙන,  අරුන්ට බැන වදිමින් කෑගසන්නට සිදු වේ.

මෙවැනි උදාසීන ළමුන් පිලිබඳ බොහෝ දෙමව්පියන්ට අත්දැකීම් ඇත.  මෙම ළමුන් නිවසේ වැඩට කැමැත්තෙන් උදවු කිරීම පමණක් නොව, ඔවුන්ගේ පාසැල් ගෙදර වැඩ උනන්දුවෙන් නොකිරීමෙන් ඔවුන් පංතියේ අඩු ලකුණු ලබයි.

ඔබේ දරුවාව තේරුම් ගන්න

  • දෙවරක් ඉල්ලීම් කරන්න එපා දෙමව්පියන් දරුවන්ගෙන් යම් දෙයක් ප්‍රථම වරට ඉල්ලා, එයට ඔවුන් එකවර ප්‍රතිකියාවක් නොදැක්වුවොත්, නැවත ඉල්ලන්නේ එය අත්‍යවශ්‍ය කටයුත්තක් නිසයි. මෙය දන්නා  බොහෝ ළමුන්, දෙමව්පියන් එක වරක් ඉල්ලූ විට, එයට ප්‍රතික්‍රියා නඟන්නේ නැත.  එමනිසා, මෙම පුරුද්ද නැති කර ගන්න.  එක වරක් පමණක් ඉල්ලීමක් කරන්න.  “මම” යන පදය හැමවිටම භාවිත කරන්න.  උදා:  “මට ඕනේ ඔයා දැන් නැගිටලා ඔයාගේ වැඩ පටන් ගන්න”  කියා එතනින් නික්ම යන්න.  එය එකවර ඉටු නොවුනත්, එහි ප්‍රතිඵලයක් තිබිය හැක.
  • ව්‍යාජ තරවටු කරන්න එපා ඔබේ අණ පිළිනොපැද්දොත්, ඔහුට/ඇයට රූපවාහිනිය බැලීමට නොදෙන බව කියා ළමයාට තරවටු කළහොත්, එය කරන්න. එසේ කියා, එය නොකළහොත්, ඒ වෙනුවට වෙනත් දඬුවමක් දිය යුතුයි.  රුපවාහිනිය බැලීමට නොදීම, පරිඝනකයට කාලය නොදීම, අයි පොඩ් (iPod) එක නොදීම ආදිය නිතරම කළ යුතු දඬුවම් වේ.  ළමයා සමඟ බහින් බස් වීම නොකළ යුතුයි.
  • ත්‍යාග ළමයාගේ හොඳ ප්‍රතිඵල සහ හොඳ හැසිරීම වර්ණනා කළ යුතුයි. ඔබේ දරුවා ඉහළ ලකුණු “A” ලබා ගතහොත්, සෑමවිටම ඔහුට/ඇයට ත්‍යාගයක් දෙන්න.  අසමත් වීම් ගණන් ගන්න එපා – මෙය ඔවේ දරුවාව හොඳ ප්‍රතිඵල ගෙන ඒමට උනන්දු කරවයි.  ඔබේ දරුවා පාසැලේ දෙන ගෙදර වැඩ කිරීමට මැළි කමක් දක්වයි නම්, ඔහුට හෝ ඇයට එහි වගකීම බාර දෙන්න. උදා: “ඔයාගේ කැමැත්තක්.  පාස් වීම හරි ෆේල් වීම හරි ඔයාට අයිති දෙයක්. හැබැයි ඔයා හොඳ ලකුණු ගත්තොත්, මම ඔයාට තෑග්ගක් දෙනවා”
  • ඔබේ දරුවා සමඟ කාලය ගත කරන්න ඔබේ දරුවා සමඟ කාලය ගත කිරීමට පියවර ගන්න. ඔබ රැකියාවක නියුතු මවක් හෝ පියෙක් නම්, සතියකට එක දවසක් හෝ වේලාසනින් නිවසට ඒමට පියවර ගන්න. ඔබේ දරුවාව එළියට ගොස් විනෝද වීමට  සහ ක්‍රීඩා කිරීමට උනන්දු කරන්නේ නම්, ඔහු හෝ ඇය එකතැන හිඳගෙන රූපවාහිනිය නැරඹීම, පරිඝනකයේ රැඳී සිටීම හෝ වෙනත් දේවලින් සතුටක් ලැබීමට වඩා, ශාරීරික ක්‍රියාවක් කිරීමට කැමති වේ.  ළමුන් සමඟ ගොස් විනෝද වීම සඳහා ශ්‍රී ලංකාවේ බොහෝ ළමා උද්‍යාන ඇත.
  • බලපෑම් කරන්නට එපා ඔබේ උදාසීන ළමයාට බැන වැදීමෙන් හෝ තරවටු කිරීමෙන් බලපෑම් කරන්නට එපා. ඇත්තෙන්ම, ළමුන් උදාසීන නොවේ.  නමුත්, ඔවුන් අක්‍රිය වන්නේ, යම්කිසි දෙයක් සම්බන්ධයෙන් ඇති වූ තරහවක් නිසා හෝ දෙමව්පියන් කෙරෙහි  බලපෑමක් ඇති කිරීමට වනු ඇත.  ළමුන්ට බැන වදින්නට එපා, නමුත් දරුවන් කෙරෙහි නිත්‍ය පාලනයක් තබා ගන්න.  අවශ්‍ය අවස්ථාවකදී, සුදුසු දඬුවමක් ලබා දෙන්න.
  • ප්‍රබෝධමත් කරන්න ඔබේ දරුවාව කිසිම අවස්ථාවක උපහාසයකට ලක් කර, ඔහුව/ඇයව අපහසුතාවයකට පත් කරන්න එපා.  ඔබ දරුවාට කෙතරම් ආදරේදැ’යි අඟවන්න.   පාසැලෙන් නිවසේදී කරගෙන ඒමට දෙන වැඩ කොටස අධ්‍යාපනයට කෙතරම් වැදගත්දැ’යි ඔවුන්ට පහදා දෙන්න.  ඔවුන්ගේ පරමාර්ථ පිලිබඳ කතා කරන්න.  එම පරමාර්ථ මුදුන් පමුණුවා ගැනීමට ඔවුන් ගත යුතු ක්‍රියා මාර්ග පැහැදිළි කර දෙන්න.
  • කාලසටහන පාසැලෙන් නිවසේදී කිරීමට දෙන වැඩ කොටස කිරීමට වෙලාවක් නියම කරන්න.  එම වෙලාව සවස 5 නම්, ඒ වෙලාවේ  වෙනත් වැඩක යෙදෙන්නට දෙන්න එපා.  ඔහු එම වෙලාවේ පාසැල් වැඩ කිරීමට මැළි කමක් දක්වයි නම්, ඔහුට එම වෙලාවේ වෙනත් වැඩක් කිරීමට ඉඩ දෙන්න එපා.  එම වෙලාවේ කළ යුතු වැඩ කොටස කිරීමට අනුබල දෙන්න.

අවසානයේ මට කිව හැක්කේ, සෑම ළමයෙක්ම ආදරයෙන් සහ ඉවසීමෙන් පාලනය කළ හැකි බවයි.

මාපිය කටයුතු අවබෝධයෙන් කිරීම සඳහා සුභ පැතුම්!

#perants #childrenmind #srilankanchildren #toddler #srilankankidsarticle #motherandkids

note

You may also like
දරුවන්ගේ මොළයේ ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කිරීම සඳහා අවශ්‍යය ක්‍රියාකාරකම්
Prepare Them To Win Life’s Challenges
දරුවන්ට යහළුවන් ඇතිකර ගැනීමට උදව් කරන්නේ කෙසේද?
error: Content Protected © mummypages.lk