Home > දෙමාපිය දැනගැනිම පිණිස > උණ හා සෙම්ප්‍රතිශ්‍යාව වැළඳීමෙන් දරුවා ආරක්ෂා කරගැනීමට කළයුත්තේ කුමක්ද?

උණ හා සෙම්ප්‍රතිශ්‍යාව වැළඳීමෙන් දරුවා ආරක්ෂා කරගැනීමට කළයුත්තේ කුමක්ද?

පළතුරු සහ එළවළු සමග සමබර ආහාර වේලක් ලබාදීම, ගෙදර දොර කටයුතු වලදි නිරන්තරයෙන් අත් සේදීම, ස්නානය, රාජකාරි සඳහා නිවසින් බැහැරව යන දෙමාපියන් නැවත නිවසට පැමිණි විට දරුවන් ළඟට ගැනීමට පෙර පිරිසිදු වීම, නිවසේ අයෙකුට වෛරසය ආසාදනය වූ විට නිතර හොඳින් සබන් ගා අත් සේදීම හා කිවිසුම් යන විට බිඳිති විසිරීම වැළැක්වීම සඳහා මුඛ ආවරණයක භාවිත කිරීම. එසේම මව්කිරි දෙන මවකට ආසාදනය ඇති වූ විට අනිවාර්යයෙන්ම මව්කිරි දෙන අවස්ථාවේදී මුඛ ආවරණයක් භාවිත කිරීම.පෙර සඳහන් කළ පරිදිම, තද උණ සමග ඇතිවන සෙම්ප්‍රතිශ්‍යාව රෝග ලක්‍ෂණයක් පමණක් වන බැවින් ඒ සමග දරුවාගේ ඇතිවන උදාසීන බව, නොසන්සුන් බව, ආහාර ප්‍රතික්ෂේප කිරීම වැනි තත්ත්ව පවතින විටදී වෛද්‍යවරයක වෙත දරුවා යොමු කිරීම වැදගත්ය. උණ යනු අප හැමෝම දන්නා පරිදි සිරුර තුළ පවතින යම් රෝග තත්ත්වයක පෙන්නුම් කිරීම උදෙසා ශරීර උෂ්ණත්වය ඉහළ නැංවීමකි. එනම් උණ යනු රෝග ලක්‍ෂණයකි.

ඔබේ ගැටලුත් අපට එවන්න

#babyheath #babyhealthcare #babyfever #babyarticle #srilankasinhalaarticle

note

You may also like
බාබගේ සෞඛ්‍යයසම්පන්න කණ සහ ඇස්
බාබගේ නීරෝගී උදරය සඳහා
මව්වරැන් සැමටම කුඩා දරැවා කෙරහි ඇති පොදු ප්‍රශ්ණ
බිලිඳාගේ මුල්ම හැඩීම
error: Content Protected © mummypages.lk