Home > අධ්‍යාපනය > ඉංග්‍රිසි අක්ෂරමාලාව කුඩා දරුවන්ට ඉගැන්වීමට ඇති පහසු ක්‍රම

ඉංග්‍රිසි අක්ෂරමාලාව කුඩා දරුවන්ට ඉගැන්වීමට ඇති පහසු ක්‍රම

කුඩා දරුවන්ට ඉංග්‍රීසි හෝඩිය ඉගැන්වීම ඉතා අමාරු කාර්යයකි.  සමහර දරුවන් ඉතා ඉක්මණින් එය ඉගෙන ගන්නා අතර, සමහර දරුවන්ට එය බොහෝ දුරට අමාරු කාර්යයක් වනු ඇත.  නමුත් ඔවුන්ගේ දෙමව්පියන්ගේ  සහ ගුරුවරුන්ගේ උදව්වෙන් ඔවුන් එය ඉතා පහසුවෙන් ඉගෙන ගනු ලැබේ.  දරුවන් එය ඉගෙනීමට ලැහැස්ති වනුයේ කවදාද යන්න මත එය රඳා පවතී.  ළමයින්ට නිතර එම අකුරු පෙන්වීමෙන් සහ ඒවා පිළිබඳ නිතර කතා කිරීමෙන් දරුවන්ට මේවා පිළිබඳ  උනන්දුවක් ඇති කළ හැකිය.

පහත සඳහන් වන්නේ, ශ්‍රී ලංකාවේ පෙර පාසැල්වල මේවා උගන්වන  පහසු ආකාරයයි. ඔබට ද, මෙය නිවසේදී දරුවන්ට ඉගැන්වීමට භාවිතා කළ හැකිය.

ඉංග්‍රීසි  අක්ෂර මාලාව යොදා පොතක් පිළියෙල කරගන්න.  එය ඔබේ දරුවන් සහභාගී කරවාගෙන කරන්න.  අභ්‍යාස පොතක් මිළට ගෙන,  පාට කරදාසිවල අකුරු කපා ගන්න.  දරුවන්ට කියා එක අක්ෂරයක් යොදා ගෙන එක පිටුවක් බැගින් සකසා ගන්න.  දරුවාට කියා එම අකුර ලියවා හෝ වෙනත් පොතකින් එම අකුර කපා පොතේ අලවා ගෙන, එම අකුරට සරිලන පින්තූරය දරුවාට කියා අන්දවා ගන්න.

ඒබීසී ක්‍රීඩාව කරන්න – මෙය දරුවන්ට ඉංග්‍රීසි අක්ෂර මාලාව ඉගැන්වීමට  ඇති ඉතා පහසු මඟකි.  ඔබේ දරුවාට දැන්වීම් පුවරුවක ඇති ඉංග්‍රීසි අකුරු සොයා බලන්නට කියන්න.  එසේම අනිත්  අකුරුද සොයා ගැනීමට උනන්දු කරන්න.

ඒබීසී සින්දුව කියන්න –  මෙය ශ්‍රී ලංකාවේ දරුවන් සහ  ගුරුවරුන් අතර ඈති ඉතා ප්‍රචලිත ක්‍රියාවකි.  ඉතින්, ඔබත් දවස පටන් ගනිද්දී එම සින්දුව කියා ඔබේ දරුවා සමඟ දවස පටන් ගන්න.

දීප්තිමත් පැහැයෙන් යුත් කාඩ් පත් මඟින්  මතකයේ තබා ගැනීම – අක්ෂර ඇති ෆ්ලෑෂ් කාර්ඩ් හෙවත් දීප්තිමත් පැහැයෙන් හෙඹි අක්ෂර ඇති කාර්ඩ් පත් මිළට ගෙන හෝ ඒවා නොයෙකුත් පැහැයෙන් යුත් කොළ වලින් සාදා ගෙන, දරුවාට කියා ඉංග්‍රීසි  අක්ෂර මාලවේ ලොකු අකුරට ගැලපෙන පොඩි අකුරු සොයන්නට කියා, ඔවුන්ට කුඩා තෑග්ගක් පිරිනමන්න.

අක්ෂර අකුරු පාන්පිටි වලින් හෝ මැටි වලින් සාදන්න.  – දරුවන් පාන්පිටි හෝ මැටි සමඟ සෙල්ලම කිරීමට ඉතා කැමති නිසා, දරුවාට කියා කුකී කටර්ස් වලින් අක්ෂර කැපීමට උනන්දු කරන්න.  එය දරුවාට පැය ගණන් සතුටු විය හැකි උපක්‍රමයකි.

අක්ෂර අකුරු පාට කරන්න.  කාඩ්බෝඩ්වල හෝ පාට කරදාසිවල විවිධ වර්ගයේ අකුරු ලියා දරුවා කැමති පාටකින් පාට කිරීමට දෙන්න. එවිට ඇයට/ඔහුට ඒවා සදා මතකයේ  රැඳේවී.

නොයෙකුත් භාණ්ඩ නම් කරන්න – රෙදි වලින් තැනූ බෑගයක් තුළට නොයෙකුත් ශබ්ද වලින් පටන් ගන්න නාමයන්  ඇති  නොයෙකුත් භාණ්ඩ පුරවා, එම ද්‍රව්‍යවල නම් කුමන අකුරෙන් පටන් ගනීදැ’යි දරුවාගෙන් ප්‍රශ්ණ කරන්න.  ඔබේ දරුවාට හුරු පුරුදු භාණ්ඩවලින් එම බෑගය පිරවීමට අමතක නොකරන්න.  දරුවන්ට අක්ෂර, ශබ්ද, සංඥාවන් සහ ස්පර්ශක කෞශල්‍ය ඉගෙන ගැනීමට මෙය පිටුවහලක් වේවි.

ඉගෙන ගැනීම විනෝදයෙන් කරන්න!

You may also like
Signs of a growth spurt in progress include
බබාලා පොදුවේ සාමන්‍යයෙන් පෙන්වන අපහසුතාවන් ගැන ඔබ දැනුවත්ද?
Kind and Loving Words Are an Essential Ingredient in Parenting
පවුලක අත්දැකිම්