Home > Latest Articles > ආහාර ගැනීම විධිමත් කරවීමට අවශ්‍ය කරුණු

ආහාර ගැනීම විධිමත් කරවීමට අවශ්‍ය කරුණු

ඔබේ දරුවා ආහාර ගන්නා අවස්ථාවේදී ප්‍රමාණයට වඩා ජලය පානය කරන්නට දෙන්න එපා.  එවිට දරුවාට අවශ්‍ය ප්‍රමාණයට ආහාර ගැනීමට නුපුළුවන් වේ.  සම්පුර්ණ ආහාර ප්‍රමාණය අනුභව කළ පසු පමණක් වතුර පානය කිරීමට දෙන්න.

ඔබේ දරුවාගේ ආහාර කුඩා කැබලිවලට කපා වෙන් කරන්න. එවිට ඔවුන්ට එය හැපීමට සහ   ගිලීමට පහසු වේ.

මාස 12 පමණ වනවිට බොහෝ දරුවන්ට හැන්ද (spoon) හැසිරවීමට හැකි වේ. ඔබේ දරුවාට තනිවම ආහාර ගැනීමට හුරු කරන්න.  එවිට දරුවා තුළ ස්වයං හැකියාව සහ ආත්ම සංයමය නිතැතින්ම ඇති වේ.

දරුවන්ට ඉතා කුඩා සහ ඉතා තද ගතියෙන් යුක්ත (උදාහරණයක් වශයෙන් සමහර ටොෆී වර්ග) ආහාර වර්ග දෙන්න එපා.  ඒවා දරුවන්ට නොදැනුවත්වම ගිලී හුස්ම හිරවිය හැක.

ආහාර ගැනීමෙන් පසු වතුර වීදුරුවක් බීමට අනුබල දෙන්න. එමඟින් ආහාරය හොඳින් ජීරණය වේ.  මාස 6න් පසු බබාට වතුර පානය කිරීමට සුදුසු කුඩා කෝප්පයකින් (එනම් කුඩා කෙමියක් -කටක් සහ අල්ලා ගැනීමට ආධාරකයක් සහිත කෝප්පයකින්) පානය කිරීමට හුරු කරන්න.  එවිට කිසිවෙකුගේ ආධාරයක් නොමැතිව ජලය හෝ වෙනත් බීම වර්ගයන් බීමට බබා හුරු වේ.

කෑමට හැකි ප්‍රමාණයේ ආහාර පමණක් බබාගේ පිඟානට බෙදන්න. අනවශ්‍ය අයුරින් ආහාර පිරවීමෙන්,  ආහාර අපතේ හැරීමක් සිදුවේ.

විශේෂයෙන් අවුරුදු 1 – 3 දක්වා දරුවන් දවස පුරා ප්‍රධාන කෑම වේල් 3 ගැනීමට වඩා, කුඩා ප්‍රමාණයේ ආහාර වැළඳීමට කැමතිය. බබාට ආහාර අවශ්‍ය වූ විට දීමට පලතුරු සහ එළවළු කුඩාවට කපා පිරිසිදු භාජනයක තබන්න.

#aboutnutrition #nutrition  #healthyfood #goodfood #childfoods #childrenfoodcare #realfood

note

You may also like
බබාගේ දෛනික ආහාර රටාව
පොඩිත්තාට හපන්න උනන්දු කරවීම
සිඟිත්තාගේ ආහාර වේල ගැන ඔබත් දැනුවත් ද ?
කෘතිම ආහාර යනු මොනවාද ?
error: Content Protected © mummypages.lk