Home > අලුත උපන් ළදරැවා > ආහාර අසාත්මිකතාවයක් යනු කුමක්ද?

ශරීරය කැසීම

මුහුණ රතු වීම සහ රතු පාට පලු ශරීරයේ සැණින් ඇතිවීමතොල් ඉඳිමීමදිව සහ මුඛය කැසීමට පටන් ගැනීම 
ආහාර අසාත්මිකතාවයක් නිසා ඇතිවන රෝග ලක්ෂණ වේ

  • ඉඳිමීම – මුහුණ, අත් සහ බෙල්ල එකවිට ඉඳිමීම සිදුවේ.
  • යටිබඩේදැඩි වේදනාව –  වේදනාව, වමනය සහ බඩඑළිය යාම සිදුවේ
  • වමනය– වමනය ඇති විය හැක.
  • හුස්මගැනීම– නාසයෙන් සොටු දියර ගැලීම, හුස්ම ගැනීමට ඇති අපහසුතාව, ඇදුම මෙන් තදින් හුස්ම ගැනීම, කැස්ස සහ කෙටි හුස්ම ඇති වීමද සිදු විය හැක.
  • ක්ලාන්තගතියඇති වීම – ක්ලාන්ත ගතිය ඇති විය හැක
  • අසංරක්ශාත්වය– මෙය නිසා ඉහත සඳහන් රෝග ලක්ෂණ 2ක් සමඟ හුස්ම ගැනීමේ අපහසුතාවයක්, ක්ලාන්ත ගතියක් ඇති වීම සහ මරණයට පවා පත් විය හැකිය.

ඔබේ දරුවා ආහාරයක් ගැනීමෙන් පසු ඉහත සඳහන් රෝග ලක්ෂණ ඇති වේදැ’යි සුපරීක්ෂාකාරී වන්න.  නමුත් ඉහත සඳහන් රෝග ලක්ෂණ සැමවිටම පෙන්නුම් කරන්නේ ආහාර අසාත්මිකතාවයක් නිසාම නොවෙන බවත් සිහි තබා ගත යුතුය.  සමහර විට ඉහත සඳහන් රෝග ලක්ෂණ නරක් වූ ආහාර නිසාද ඇති විය හැක. මෙම රෝග ලක්ෂණ දුටු වහාම එකවර කලබල නොවී, වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන්න.

දරුවාගේ ශරීරයට ආහාර අසාත්මිකතාවය නිසා ඇතිවන බලපෑම ආහාර අසාත්මිකතාවය නිසා ශරීරයේ විවිධ අවයවවල ප්‍රතික්‍රියා ඇති වේ.

  • ශ්වසනමාර්ගය
  • ආහාරජීර්ණ පද්ධතිය
  • සම
  • කන්තුකවාහිනී පද්ධතිය

ආහාර සම්බන්ධ අසාත්මිකතාවය

ඔබේ දරුවාට අසාත්මිකතාවයන් ඇති කරන ආහාර වර්ග දෙමව්පියන් හඳුනා ගෙන සිටීම යෝග්‍ය වේ.  පහත සඳහන් ආහාර වර්ග, සමහර ළමයින්ට අසාත්මිකතාවයන් ඇති කරනු ලැබේ.

  • කිරි
  • බිත්තර
  • රටකජු
  • සෝයා
  • තිරිඟු
  • මාළු
  • පිටතකට්ට සහිත මත්ස්‍යයින් (ඉස්සන්කකුළුවන් වැනි)
  • ගෙඩිවර්ග (කජුහේසල් ගෙඩි යනාදිය )

ශ්‍රී ලාංකික ළමයින්ට ඉහත සඳහන් ආහාර ද්‍රව්‍ය මගින් අසාත්මිකතාවය ඇති වේ.  කිරි වැනි දේ වලින් සමහරවිට, යම් අසනීපයකින් දරුවා පෙළුණු පසු අසාත්මිකතාවයක් ඇති විය හැකිය.  නමුත් එය ස්ථිරව පවතින අසාත්මිකතාවයක් නොවේ.

සමහර රසකැවිලි වර්ග වලට භාවිතා කරන ආහාර වර්ණකද, ළමයින්ට අසාත්මිකතාවයන් ඇති කළ හැක.  බොහෝ විට ආහාර අසාත්මිකතාවයන් ඇති වන්නේ දරුවන් වැඩිහිටියන් බවට පත්වූ පසුවය.

දරුවන් යම් ආහාරයක් පරිභෝජනය කරන විට, ආහාර අසාත්මිකතාවයන් නිසා ඇතිවන ඉහත සඳහන් රෝග ලක්ෂණ පිලිබඳ දැනුවත් වන්න.  එසේම, තම දරුවන් කුමන ආහාර වර්ග වලට අසාත්මිතාවයන් පෙන්නුම් කෙරේදැ’යි දැනගත යුතු අත්‍යවශ්‍ය කරුණකි.  එමෙන්ම දරුවා පෙර පාසැල් යාමට පටන් ගත් පසු, තම දරුවා කුමන ආහාර වර්ග වලට අසාත්මිකතාවයන් පෙන්නුම් කෙරේදැ’යි එහි ගුරුවරුන් දැනුවත් කරන්න.  එසේම තමා දරුවාට එවන ආහාර පමණක් ආහාරයට දෙන ලෙසත් ඔවුන්ට පැහැදිළි  කර කියා දෙන්න.

කිසිවිටක දරුවා ගන්නා ආහාර කෙරේ ඕනෑවට වඩා ප්‍රතිචාර දක්වන්න එපා.  අනවශ්‍ය සීමා කිරීම් දරුවා කෙරේ පනවන්න එපා. නමුත් ආහාර අසාත්මිකතාවය කෙරේ සැළකිලිමත් වන්න

#childhealth #foodcare #goodfood #childfood #childcare #knowyourparents