Home > Latest Articles > අළුත් පියවරුන්ට සහ පියවරුන් වීමට බලාපොරොත්තු වන්නන් සඳහා උපදෙසක්

අළුත් පියවරුන්ට සහ පියවරුන් වීමට බලාපොරොත්තු වන්නන් සඳහා උපදෙසක්

ඔබ පියෙක් හෝ පියෙක් වීමට බලාපොරොත්තු වන්නෙක්ද?  එසේනම්, මේ උපදෙස් ඔබට ඉතා ප්‍රයෝජනවත් වනු ඇත.  ඔබේ බිරිඳ අළුතෙන් බබෙක් ලැබුණු පසු, යම් වෙනස්වීම් රාශියකට භාජනය වේ.  එය ඔබට යම් පමණකට අභියෝගයක් විය හැකිය.  සමහර විට, මෙතෙක් කෙළි ලොල් ජීවිතයක් ගත කළ ඔබට, ජීවිතයේ මෙම වෙනස් වීමට මුහුණ දීම යම් තරමකට අපහසු කරුණක් විය හැකිය.  කෙසේ නමුත්, මුලදී මෙය තරමක් අපහසු කාර්යයක් වූවද, එම අවස්ථාවට මුහුණ දීම සඳහා උදව් උපකාර ලබා ගැනීම සඳහා බොහෝ දෙනෙක් ඔබ වෙනුවෙන් සැදී පැහැදී සිටිනු ඇත.

පහත සඳහන් කරුණු ඔබට ඉතා ප්‍රයෝජනවත් වනු ඇත :

  • ධනාත්මක සිතිවිලි වලින් පරිණත වීම ඔබේ බිරිඳගේ ගර්භණී භාවය පිළිබඳ පැහැදිලි නිරවුල් මනසකින් යුක්ත වන්න. ඔබේ බිරිඳගේ ශරීර අවයවවල ඇතිවන වෙනස්කම් නිසා, ඇය යම් අපහසුතාවයකින් පෙළිය හැක.  ඇයගේ මෙම මානසිකත්වය බිඳ දැමීම ඔබට බාරය.  එනම්, ඇය තවමත් පෙර පරිදිම ලස්සන බවත්, ඔබ ඇයට පෙර පරිදිම ආදරය දක්වන බවත් නිතර කියන්න
  • ඔබේ බිරිඳට උපකාර කරන්න හැකි සෑම වෙලාවකම, ඔබේ බිරිඳ සමඟ ඇගේ ගර්භණී භාවය පිළිබඳ සාකච්චා කරන්න. ශ්‍රී ලාංකික පියවරුන් අළුත් බිළිඳුන් ලැබුණු පසු, තම යහළුවන් සමඟ වැඩි වේලාවක් ගත කිරීමට උත්සහ දරන අයුරු පෙනෙන්නට ඇත.  නමුත්, මේ අවස්ථාව ඔබේ බිරිදට, ඔබව පෙරදාටත් වඩා අවශ්‍ය වන කාලයක් බව තරයේ සිතේ තබා ගන්න.
  • ඉදිරියට ඇදී එන වෙනස්කම් පිළිබඳව කතා කරන්න ශ්‍රී ලාංකික පියවරුන් මේ පිළිබඳව කතා කිරීමට පසුබට වන බව පෙනේ.  අලුතින් මුහුණ පෑමට වන ප්‍රශ්න සහ ඒවා පාලනය කරන්නේ කෙසේදැ’යි සාකච්චා කිරීම ඉතා  කාලෝචිත වේ.
  • ප්‍රාග්ප්‍රසව අවස්ථාවන්ට සම්බන්ධ වන්න පළමු වතාවට ඔබේ බිළිඳාගේ හෘද ස්පන්දනය ඇසීමට සහ පළමු අතිධ්වනීය (ultrasound) තරංග, දරු උපතට මුහුණ දීමේදී සහ දරුඋපතෙන් පසු සියළු අවශ්‍යතාවයන්ට ඔබත්, ඔබේ බිරිඳ සමඟ හවුල් වන්න
  • නිවස පිළියෙළ කරන්න අළුත් පියවරුන් මේ කාර්යයට ඉතා සුදුසුය.  එමනිසා ඔවුන්ට ඒ පිළිබඳව සියළු කටයුතු කිරීමට දිරි දෙන්න.
  • බිරිඳට උදව් කිරීම නවත්වන්න එපා අළුත් මව්වරුන්ගේ සියලු ඕනෑඑපාකම් සඳහා හැකි සෑම උදවුවක්ම නොපසුබටව ලබා දෙන්න.

කෙසේනමුත්, ඔබේ බිරිඳට බබා ලැබුණු පසුව, ජීවිතයේ  මුහුණ දෙන අළුත් පරිච්චේදයට උද්යෝගයකින් ක්‍රියා කිරීම සඳහා,  සුදුසුකම් ලබා ඇති පියවරුන්ගෙන් උපදෙස්!

එක දිගට නින්දක් නොලබා සිටින ඔබට, දරුවාගේ හැඬිම සහ නිරතුරුව නින්නාද වන දුරකථනය ඔබට දරා ගැනීමට නොහැකි අවස්ථාවක් පැන නඟිනු ඇත.  එවිට, නිවසින්  පිටතට ගොස් ගැඹුරු හුස්මක් ගෙන, සිත සැහැල්ලු කරගෙන, නැවත එම පරිසරයට ඇතුල්වන්න.

පවුලක් සාදා ගැනීම ඔබේ ජීවිතයේ  ප්‍රමුඛතාවයයි.  ජීවිතයේ මැදිවියට පත් වූ විට, ආපසු හැරී බැලූ  විට, ඔබේ දරුවන් ලොකු මහත් වූ පසුව, ඔබ යහළුවන් සමඟ ගත නොකර, රැකියා ස්ථානයේ වැඩි වේලාවක් රැඳී  නොසිටීම පිළිබඳව මහත් අස්වැසිල්ලක් ලැබෙනු ඇත.  එවිට ඔබ පසුතැවෙන්නේ, ඔබේ දරුවන් සමඟ වැඩි වෙලාවක් ගත නොකිරීම පිළිබඳවය.

  • බබා සමඟ සෙල්ලම් කරන්න ඔබේ දරුවා සමඟ හොඳ ඥාති සම්බන්ධතාවයක් ගොඩ නඟා ගන්න
  • ඉවසිලිමත් ලෙස උපකාරී වන්න. ඔබේ බිරිද සමඟ කතා බහ කරන්න.  දරු උපතකට පසුව, ඔබේ බිරිඳගේ ශාරීරික සහ මානසික මට්ටම යම් කාලයකට, යම් ප්‍රමාණයකට අඩු විය හැක.  මේ අවස්ථාව ඔබේ බිරිඳට ඔබව නැතිවම බැරි කාලයක් වේ.

අළුත් මවකට මෙන්ම, ඔබටත් මිශ්‍ර සිතිවිලි පහළ විය හැකිය.  නමුත්, ඔබට අවිධිමත් ලෙස හැසිරීමට ඔබේ ශරීරය තුල හෝමෝනවල වෙනස්කමක් සිදු නොවෙනු ඇත!

#family #fatherandchildren #fatherandnewbornbaby

note

 

You may also like
ඔබේ දරුවාට සාවධානව ඇහුම්කන් දෙන්න
ගෘහස්ථ ප්‍රචන්ඩත්වය නවතමු!
නිවසේ වැඩ කටයුතු වලට ඔබේ ස්වාමි පුරුෂයා සහ දරුවන් සහභාගි කරගැනීම
පවුලක අත්දැකිම්
error: Content Protected © mummypages.lk