Home > Latest Articles > අවුරුදු 35 දී ගර්භණී භාවයට පත්වුවහොත්……………

අවුරුදු 35 දී ගර්භණී භාවයට පත්වුවහොත්……………

ad-banner2

බොහෝ සෞඛ්‍ය සම්පන්න මව්වරුන්, අවුරුදු 35දී සහ අවුරුදු 40 දීත්, නීරෝගී ගර්භණී භාවයක් ගත කරනු ලැබේ.  ඔබ අවුරුදු 35ක් වයසැ’ති නීරෝගී පුරුදු වලින් හෙඹි මවක් නම්, ගර්භණී  භාවය සම්බන්ධ අවදානම් තත්ත්වයක් ඇති නොවීමට බොහෝ දුරට ඉඩ ඇත.

පෙරට වඩා වර්තමාන කාලයේ වෛද්‍ය ප්‍රතිකාරවල දියුණුව සමඟ අවුරුදු 35ට වැඩි වයසැ’ති කාන්තාවන් පවා සුරක්ෂිත අයුරින් දරුවන් බිහි කරයි.  එනමුත්, අඩු වයසැ’ති කාන්තාවන්ට වඩා වැඩි වයසැ’ති කාන්තාවන්ට ගර්භණී භාවයේදී ගැටළු සහගත බවක් සහ වඳ භාවය ඇතිවීමට වැඩි ඉඩකඩක් පවතී.  ඔබ දරුවෙකු ලැබීම ප්‍රමාද කිරීමට තීරණය කරන්නේ නම්, වයස්ගත වීමත් සමඟ ඇතිවන ප්‍රශ්ණ පිළිබඳ දැනුවත් වීමෙන්,  ඒ ගැටළු මඟ හරවා ගැනීමටත්, නීරෝගී දරු උපතක් ඇති කර ගැනීමටත් හැකියාව ඇත.

අවුරුදු 35ට වැඩි කාන්තාවන් ගර්භණී භාවයට පත් වීමේදී, පහත සඳහන් අවදානම් තත්ත්වයන්ට මුහුණ පෑමට සිදු විය හැක.

  • දරුඵල පිළිබඳ ප්‍රශ්ණ
  • අධික රුධිර පීඩනය
  • දියවැඩියාව
  • ගබ්සාවීම්
  • බහු ගැබ්ගැනීම්
  • වැදෑමහ ගර්භාෂය තුළ පිහිටිය යුතු නියමිත ස්ථානයේ නොපිහිටීම්
  • සැත්කම් වලින් සිදුවන උපත්
  • නොමේරූ දරු උපත්
  • මළ දරු උපත්
  • ජාන අබාධ හෝ වෙනත් උපත් දෝෂ

ඔබ බබෙක් ලබා ගැනීමට උත්සහ දරයි නම්, වයස බාධාවක් නොවේ.  එමනිසා, ඔබ අවුරුදු 35ට වැඩි නම් සහ ගර්භණී භාවයට පත් විය නොහැකි බැව් පෙනේ නම්, ප්‍රසව වෛද්‍යවරයෙක් මුණ ගැසීම වඩා සුදුසුය.  සමහරවිට ඔබට,

  • දියවැඩියාව, හදිසි ආබාධයක් හෝ අධික රුධිර පීඩනය ඇති විය හැක
  • දිගු කාලයක් ඔෂධ වර්ග භාවිතා කිරීමෙන් ඔබ‍ට හෝ බබාට අවදානම් තත්ත්වයක් ඇති විය හැකිය

අවුරුදු 35ට වැඩි කාන්තාවන්, දරුවෙක් ලැබීමට ප්‍රථම පරෙස්සම් වීම ඉතා වැදගත් අංගයකි.  එයට හේතුව, ඔබට බබෙක් ලැබීමට සිටියදී අධික රුධිර පීඩනය හෝ දියවැඩියාව වැළඳීමට බොහෝවිට ඉඩකඩ ඇති හෙයින්, එවිට දරුවාට (වෛද්‍ය විද්‍යාවේ) මොන්ගෝල් භාවය සහ වෙනත් ප්‍රශ්ණ ඇති වීමට ඉඩකඩ ඇති හෙයිනි.

ඔබ අවුරුදු 35ට වඩා වැඩි නම්, ඔබට නීරෝගී දරුවෙක් ලැබීමට අවශ්‍ය නම්, ඔබ කළ යුත්තේ:

  • සෞඛ්‍ය සම්පන්න ආහාර අනුභව කිරීම
  • ඔබේ ආහාරයට ෆෝලික් ඇසිඩ් අවැසි ප්‍රමාණය එකතු කරගැනීම
  • නියමිත ශරීර බර පවත්වා ගෙන යාම
  • කැෆේන් පරිභෝජනය සීමිත කිරීම
  • නිරතුරුව ව්‍යායාම කිරීම
  • මධ්‍යසාර, දුම්පානය සහ තහනම් උත්තේජක භාවිත නොකිරීම
  • ඖෂධ පරිපූරක පරිභෝජනයෙන් වැළකී සිටීම

එමනිසා, අවුරුද 35ට වැඩි කාන්තාවන් ගර්භණී අවස්ථාවේදී, නොයෙකුත් ප්‍රශ්ණවලට මුහුණ පෑමට හැකි හෙයින්, පහත සඳහන් පරීක්ෂණ කිරීමට නිර්දේශ කරනු ලැබේ.  ගර්භණී අවස්ථාවේදී මෙම පරීක්ෂණ කිරීම, ඔබේත්, ඔබේ ප්‍රසව වෛද්‍යවරයාගේත් අභිමතය පරිදි සිදුවේ.

අල්ට්‍රා සවුන්ඩ් (ultrasound) – මෙම පරීක්ෂණය ගර්භණී කාලයේ මුල් අවධියේදී කරනු ලබන අතර, මෙමඟින් ශක්‍යතාව, කළල එකකට වඩා වැඩි සංඛ්‍යාවක් තිබේද සහ ගැබ් දැරීමේ කාලය සහ බබාගේ උපත සිදුවන කාලය නිරීක්ෂණය කිරීම සිදු කෙරේ.  ගර්භණී අවස්ථාවෙන් පසු, ස්කෑන් පරීක්ෂණ මඟින් බබාගේ තත්ත්වය කෙසේද, වැදෑමහ පිහිටා තිබෙන ස්ථානය  සහ බබා වටා ඇති ඇම්නියෝටික් දියර ප්‍රමාණය කොපමණද  කියා සොයා බැලේ.

නියුචල් ට්‍රාන්ස්ලුසන්සි ස්කෑන් (Nuchal Translucency Scan – NT Scan) – මෙම පරීක්ෂණය සිදු කරන්නේ සති 10ත් 14ත් අතර ගර්භණී කාන්තාවන්ගේ දරුවන්ගේ (වෛද්‍ය විද්‍යාව අනුව)  අංගවිකලාංකභාවය ඇත්දැ’යි පරීක්ෂා කිරීම සඳහායි.  මෙමඟින් කළලයේ ප්‍රමාණය මැනීමෙන් මොන්ගෝල්භාවය ඇත්දැ’යි සොයා ගත හැක.

ඇම්නියෝසෙන්ටෙසිස් (Amniocentesis) – මෙය කළලය වටා ඇති බෑගය තුලින් ඇම්නියෝටික් අම්ලයෙන් ස්වල්පයක් රැගෙන, උපත් ප්‍රශ්ණ ඇත්දැ’යි නිරීක්ෂණය කිරීමේ පරීක්ෂණයයි.  මෙම පරීක්ෂණය මඟින්  ස්නායුක නළය සම්බන්ධ අබාධ වන සුෂුම්නාව සහ මොළය ආශ්‍රිත දෝෂ සොයාගත හැක.

පිළිසිඳ ගැනීමකට පෙර ඔබ ගන්නා තීරණ මත, ඔබේ දරුවා පිළිබඳ සදාකාලික බලපෑමක් ඇති විය හැක.  එමනිසා, ඉදිරි ආකර්ෂණීය කාලය සඳහා නිසි අයුරින් සූදානම් වන්න!

#pregnantwomen #duringpregnancy #pregnancymother #pregnancytime #pregnancyover35

notice.png low

You may also like
ගර්භනී අවස්ථාවේ ගමන් බිමන් යාම
ඔබ රැකියාව කරන විට ඔබේ සෞඛ්යෙ සුරැකීම
ගර්භනී අවස්ථාවේ ගත යුතු විටමින් සහ අමතර පරිපූරක
ගර්භණී අවස්ථාවේ ව්‍යායාම් කිරීම