ඔබේ බබාලාගේ සෞඛ්‍ය සහ ඔවුන්ට එම පුරුදු පුහුණු කිරීම ලාංකික දෙමව්පියන්ට ඇති අමිහිරි අත්දැකීමකි!
විශේෂයෙන් කුඩා දරුවන් ඒ සඳහා මුහුණ දෙන්නේ ඉතා අකමැත්තෙනි.. කෙසේ වෙතත්, බබාලාව සෞඛ්‍ය සම්පන්නව තැබීම සඳහා ඔවුන්ට හොඳ පුරුදු පුහුණු කළ යුතුය. නමුත්, දරුවන්ගේ විදුරුමස පිරිසිදු කිරීම, නියපොතු කැපීම, වියළි සම සුමුදු කිරීම සහ ඔවුන්ව නෑවීම කළ යුත්තේ කෙසේද? ඔබේ බබාලාව ඔවුන්ගේ හිසේ සිට දෙපතුල දක්වා පිරිසිදු කරන්නේ කෙසේද?
නියපොතු කැපීම
බිළිඳුන්ගේ නියපොතු කැපීම ඉතා සීරුවෙන් කළ යුතු කාර්යයකි. බොහෝ දෙමව්පියන් මේ සඳහා පාවිච්චි කරන්නේ ඉතා කුඩා, මෘදු කතුරකි. මේ සඳහා බබාලා නිදි අවස්ථාවේ කිරීම මැනවි.
නෑවීම
- මේ වෙලාවේ ඔවුන් කැමති සෙල්ලම් බඩු සහ සින්දු කීමෙන් ඔවුන් විනෝදමත් කරන්න.
- බබාලාගේ මුහුණ, ශරීරය සහ ඩයපරයෙන් වැසෙන කොටස පිරිසිදු කර, හොඳින් වියළා ගන්න. නිතරම බබාලාව සම්පූර්ණයෙන් නැවීම සිදු කළ යුතු නැත. එමනිසා, තෙත රෙද්දකින් පිස දමා, හොඳින් පිරිසිදු කර ගන්න.
- තවමත් බිළිඳුන්ගේ නාභියට සම්බන්ධ රැහැන වැටී නොමැති බබාලාගේ, එම ස්ථානය පිරිසිදුව තබා ගැනීම අවශ්‍යය. බබාව නෑවීමෙන් පසු එම ස්ථානය හොඳින් වියළා ගත යුතුය.
- ඔබේ බබාව නැවීමට පෙර ඔහුගේ/ඇයගේ ශරීරයේ උෂ්ණත්වය මැනීම අනිවාර්ය වේ.
- ඔබේ බිලිඳාව සේදීමේ දී, එක අතකින් ඔහුව/ඇයව හොඳින් අල්ලාගෙන, අනිත් අතින් සේදීම කළ යුතුය.
- ඔවුන්ගේ මෘදු සම ඉතා තදින් අතුල්ලන්න එපා.
- සාමාන්‍යයෙන් අලුත උපන් බිළිඳුන් නිතරම නෑවීම අවශ්‍ය නැත. මාස කිහිපයක් යනතෙක් දිනපතා, ඔවුන්ගේ මුහුණ, අත් සහ ඩයපරයෙන් වැසෙන ශරීර කොටස හොඳින් පිරිසිදු කිරීම කළ යුතුය.
බබාගේ සම
- කුඩා බිලිඳුන්ගේ සම කුෂ්ඨ රෝග සෑදීම සඳහා ඉක්මණින් නැඹුරු වන බැවින්, ඔවුන්ට සැමවිටම මෘදු රෙදි වලින් මැසූ ඇඳුම් ඇන්දවීම යෝග්‍යය.
- බිළිඳුන්ගේ රෙදි සේදීම සඳහා මෘදු රෙදි සෝදන කුඩු වර්ගයක් පාවිච්චි කළ යුතුය. නැතහොත්, ඔවුන්ගේ සමේ විවිධ රෝග මතුවීමට ඉඩ ඇත.
- බබාව නෑවීමෙන් පසුව මෘදු සමට ගැලපෙන ලෝෂන් ස්වල්පයක් ඔහුගේ/ඇයගේ ශරීරයේ තවරන්න.
මුඛය පිරිසිදු කිරීම
බිළිඳාගේ මුඛය පිළිබඳ ඉතා හොඳ අවධානයක් යෙදවිය යුතු අතර, මුඛයේ දත් ඒමට පෙර මුඛය පිළිබඳ සැලකිලිමත් විය යුතු වේ. දරුවන්ගේ දත්වල කුහර කුඩා කළ සිටම ඇතිවීම වර්තමානයේ පෙනෙන්නට ඇති ඉතා සුලබ දසුනකි. පිරිසිදු, තෙත් මෘදු රෙදි කඩකින් හෝ පුළුන් වලින් දරුවාගේ දතේ විදුරුමස, කිරි දීමෙන් පසු සැමවිටම හොඳින් පිරිසිදු කරන්න.
හිසකෙස් පිළිබඳ
බොහෝ ශ්‍රී ලාංකික දෙමව්පියන්ගේ දරුවන් ඉපදෙනවිට, ඔවුන්ට ඝන කොණ්ඩයක් තිබීම සුවිශේෂී දර්ශනයකි.
- දරුවාගේ කොණ්ඩය කැපීම දහවල් කාලය තුල දී, දරුවා නින්දේ සිටියදී කළ යුතුය
- රේසර් තලයක් යොදා නොගෙන, ඒ සඳහා කුඩා කතුරක් භාවිත කරන්න
- දරුවාගේ කොණ්ඩය කැපීමෙන් පසුව, ඔහුව/ඇයව උණුසුම් ජලයෙන් නහවන්න
දරුවාගේ කුඩා කාලයේදීම ඔහුට සෞඛ්‍ය පිළිබඳ හොඳ පුරුදු පුහුණු කිරීමෙන් කිසිවෙකුට අවැඩක් සිදු නොවෙන බව මට විශ්වාසයි!
#babyhealthy#Howtokeepyour #newbornbabyhealthy #newbornbaby #howtokeepyournewbornbabyhealthy\