අලුත උපන් දරුවකුට ඉක්කා වැටෙන්නේ ඇයි? නිතර නිතර ස්වල්ප වශයෙන් මල පිටවන්නේ ඇයි ?
දරුවාට නිසි ලෙස ගුඩුස් නොයෑම නිසා ඉක්කා වැටෙන්න පුළුවන්. මේ පුංචි අමුත්තාගේ පරිවෘත්තීය ක්‍රියාවන් සැකසෙමින් පවතින නිසා මුල් දිනවල මෙසේ නිතර මලපහ ස්වල්පය වශයෙන් පිටව යෑම සාමාන්‍ය තත්ත්වයක්.
නිතර කැස්ස ඇති දරුවන් පිහිණුම් ක්‍රීඩාවට යොමු කිරීම නුසුදුසුද?
කිසිසේත්ම නැත. එයින් අදහස් කරන්නේ වතුරට බැස සෙල්ලම් කිරීම නම් නොවෙයි. අනිවාර්යෙන් පිහිණීම නිසියාකාරව කරන්නට
අවශ්‍යයි. ඒ නිසා පුහුණු උපදේශකයකු යටතේ පුහුණුම් ක්‍රීඩාවට යොමු කිරීම තමයි වැදගත් වන්නෙ. පිහුණුම් ක්‍රීඩාව දරුවන්ට ඉතාමත්
යෝග්‍ය ක්‍රීඩාවක්
ඇතැම් දරුවන්ගේ දත් ඒම ප්‍රමාද වන්නේ ඇයි?
සාමන්‍යයෙන් දරුවන්ගේ දත් මතුවීම මාස හයත් අවුරුද්දක් අතර කාලය තුළ සිදුවෙනවා. නමුත් සමහර අඩු බර සහිතව උපන් දරුවන්ට දත් ඒම ප්‍රමාද විය හැකිය. අනිත් කාරණය තමයි දරුවාගේ වෙනත් අස්ථී ආබාධ තිබෙනවා නම් දත් මතු නොවීම පිළිබඳ ගැටලුවක්
තිබෙන්නට පුළුවන්. එම නිසා ඒ සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයකු වෙත යොමු කළ යුතුය. වසර දෙකක් වන විටත් දත් මතුව නැති නම් දරුවා දන්ත වෛද්‍යවරයකු වෙත යොමු කරන්න. මාස හයෙන් පසු දරුවන්ට අමතර ආහාර ලබා දීම ආරම්භ කරන බැවින් දරුවාට ලබාදිය යුත්තේ සමබල ආහාර වේලෙක්. එහි කැල්සියම් අන්තර්ගතය වැඩි කරන්නත් අමතක කරන්න එපා.
#babyheathcare #newbornbaby #babycare #srilankasinhalababyarticle