Home > Latest Articles > අලුත් පුංචි පැටියා පිළිගන්න එයාගේ පොඩි අක්කි අයියා සුදානම්ද?

අලුත් පුංචි පැටියා පිළිගන්න එයාගේ පොඩි අක්කි අයියා සුදානම්ද?

“ඔබේ අළුත් බබා ඔබේ පවුලේ විශාල බලපෑමක් ඇති කරයි. විශේෂයෙන්ම ඔබේ වැඩිමල් දරුවන් කෙරෙහි එය ඉතා තදින් බලපැවැත්වේ. ගර්භනී අවස්ථාවේ සිටම ඔබේ අනෙක් දරුවන් අළුත් බබාගේ පැමිණීම පිළිගැනීමට හුරු කිරීමෙන් සහෝදරයන් අතර එකමුතුකමක් ඇති වේ”

ඔබ ගර්භනීත්වයට පත් වූ විටම, ඔබේ අනෙක් දරුවන්ට ඒ බව දැනුම් දෙන්න. එම දරුවන්ව ඔබේ අළුත් බබාගේ පැමිණීම අපේක්ෂා කිරීමට  හුරු කරන්න.  වැඩිමල් දරුවන්ට ඔබේ ගර්භයේ සිටින බබාව ස්පර්ශ කිරීමට, කතා කිරීමට සලස්වන්න.

වැඩිමල් දරුවන්ව අළුත් බබාගේ පැමිණීම පිළිගැනීම සඳහා; බබාගේ ඇඳුම් සහ අනෙකුත් භාණ්ඩ එකතු කිරීමට හවුල් කර ගැනීමෙන්, ඔවුන්ගේ නව සොහොයුරා හෝ සොයුරිය පවුලට එක්වන තෙක් ඔවුන් ඇඟිලි ගනිමින් බලා සිටිනු ඇත.

අලුත උපන් බිලිඳාව වඩා ගැනීමට සහ හුරතල් කිරීමට වැඩිමල් දරුවන්ට අවස්ථාවක් ලබා දෙන්න. බබාගේ සුළු සුළු වැඩට වැඩිමල් දරුවන්ව හවුල් කර ගන්න.  මෙමඟින් දරුවන් අතර සහයෝගිතාවයක් ගොඩ නැංවේ.

අවුරුදු 2ට වඩා කුඩා දරුවන්ට ඔවුන්ට අළුත් සාමාජිකයෙක් පවුලට එක්වන බව වටහාගැනීමට අපහසු වේ.  අළුත් දරුවා සහ ඔබ අතර ඇති සම්බන්ධතාවය කෙරෙහි ඔවුන්ගේ අමනාපයක් ඇතිවේ.  වැඩිමල් දරුවන් සමඟ ඔබේ ඇති බැඳීමට නොකඩවා කාලය මිඩංගු කරන්න.

වැඩිමල් දරුවන්ගේ කුඩා කළ ගත් චායාරුප පෙන්වා ඔවුන් කුඩා කළ සිටි අයුරු මතකයට නංවන්න.  එවිට ඔබේ අලුත උපන් බිලිඳාගේ වැඩීම පිළිබඳ වැඩිමල් දරුවන් වටහා ගනී.

අලුත උපන් බිලිඳාව බැලීමට ඔබේ යහළුවන් සහ නෑදයන් නිවසට පැමිණ තෑගි බෝග දෙන විට, ඔබේ වැඩිමල් දරුවන්ට දීමට තෑගි කීපයක් ලැහැස්ති කර තබා ගන්න. එවිට වැඩිමල් දරුවන් තනි වී නොමැති බව ඔවුන්ට හැඟේවී.

පුංචි පැටියා මුල් කාලින මිතුරන් සමග බැඳීම

ඔබේ වැඩිමල් ළමුන් ඇත්නම්, ඔබේ බිලිඳාගේ මුල් ක්‍රීඩා සහකරුවන් වන්නේ ඔවුන්ය.

කුඩා දරුවන් එකිනෙකා සමඟ සෙල්ලම් කිරීමට වඩා එකිනෙකා අසළ සිට සෙල්ලම් කිරීමට පෙළඹේ. එමනිසා, එක හා සමාන සෙල්ලම්බඩු බබාලා දෙන්නාටම සෙල්ලම් කිරීමට දෙන්න.

සෙල්ලම් කිරීමට 4 දෙනෙකුට වඩා අඩු ගණනක් ලැහැස්ති කරන්න. නිතරම එම ළමුන්ට ඔබේ දරුවා සමඟ සෙල්ලම් කිරීමට සලස්වන්න.  එවිට ඔබ බබා එම දරුවන්ගේ මුහුණුවර මතක තබා ගැනීමට සහ ඔවුන්ගේ නම්ද මතක තබා ගැනීමට පෙළඹේ.

ඔබේ දරුවා සෙල්ලම් කරන ස්ථානයේ දමා ඈතකට යන්න එපා. එවිට දරුවාගේ මනස නොසන්සුන් නිසා, සෙල්ලම් කිරීමෙන් නියම සතුටක් විඳ ගැනීමට අවකාශයක් නොලැබෙනු ඇත. දරුවාට පෙනෙන මානයේ සිට, ඔහුට/ඇයට නිදහස් මනසකින් යුතුව සෙල්ලම් කිරීමටඅවස්ථාවක් සකසා දෙන්න.

නිවස තුළ සෙල්ලම් කරනවා සේම, එළිපෙහෙළියේ සෙල්ලම් කිරීමෙන්ද දරුවාට සතුටක් ලැබෙනු ඇත! ඔබේ දරුවාට එළිමහන් ස්ථානවල (උදා: වශයෙන් මුහුදු වෙරළේ හෝ වනාන්තර මංපෙත්වල) සෙල්ලම් කිරීමට ඉඩ දීමෙන්, ඔහු/ඇය අන් ළමුන්ව හඳුනා ගැනීමටත්, පරිසරයේ විවිධ දේ පිලිබඳ දැනුවත් වීමටත් හැකි වේ.

දරුවාට කුඩා කණ්ඩායමක් ලෙස සෙල්ලම් කිරීමට අවශ්‍ය පරිසරයක් සකසා දෙන්න. එනම්, සරල කෑමක් සෑදීමට හෝ විශාල පින්තුරයක් හුණු කූරු භාවිත  කිරීමෙන් පාට කිරීම වැනි ක්‍රියාකාරකමකට දරුවාව අන් ළමුන් සමඟ සහභාගී කරවා ගන්න.

සතුටින් සිටින පුංචි පැටියාට සමජගත්වූ දිගු ගමනක්.

කුඩා අවධියේ සිටම හුවමාරු කර ගැනීමට පුරුදු කරන්න : තම සොහොයුරන් සමඟ සහ අනෙක් ළමුන් සමඟ සෙල්ලම් බඩු හුවමාරු කරගෙන සෙල්ලම් කිරීමට  හුරු පුරුදු කරන්න.  ඔබේ දරුවා තම කැමැත්තෙන්ම අන් දරුවන් සහ සෙල්ලම් බඩු  හුවමාරු කරගෙන සෙල්ලම් කළ විට, ඔවුන්ගේ එම ක්‍රියාව ඇගයීමකට ලක් කරන්න.

ඔබේ දරුවාට “හෙලෝ” , “බායි” “ස්තුතියි” “සමාවන්න”, “කරුණාකර” සහ “ගුඩ්බායි” වැනි   මූලික කතාබහ උගන්වන්න.  එවිට ඔබේ දරුවාට  අවශ්‍ය විටකදී පහසුවෙන් උත්තර දෙන්නටත්, හැසිරෙන්නටත් හැකි වේ.

ඔබේ දරුවාගේ හැඟීම් සහ අවශ්‍යතා වලට මූලික අවධානය යොදන්න. තමන්ට අවධානය ලැබෙන දරුවන් අන් අයටද එය පහසුවෙන් ලබා දේ. දරුවන්ගේ ඉල්ලීම් සහ අවශ්‍යතා නොසළකා හරින්න එපා.

ඔබේ දරුවාට පහර දෙන්න එපා; දරුවාගේ යම් වැරදි හැසිරීමක් ඇත්නම්, එය නිවැරදි කිරීමට විනය ගරුක තරවටු කිරීමක් යොදා ගන්න. දරුවාට එම අවස්ථාවල දී, නිශ්ශබ්දව වාඩි වී සිටීමට සලස්වා, ඔහු/ඇය සන්සුන් වූ පසු අන් ළමුන් සමඟ නැවතත් එක්වීමට මඟ පාදන්න.

ඔබේ දරුවා අන් ළමුන්ට පහරක් ගැසුවොත්, එම අවස්ථාවේ ඔබේ මැදිහත් වීමෙන්, ඔහුට/ඇයට යමක් ඉල්ලීමට නිවැරදි ක්‍රමය පහදා දෙන්න. පහරක් ගැසීම, තල්ලු කිරීම සහ හැපීම වැනි ශාරීරික හිංසා කිරීමෙහි ඇති භයානක කම ඔබේ දරුවාට පැහැදිළි කර දෙන්න.

අන් ළමුන්ගේ හැඟීම් වලට අවධානය යොමු කිරීමට ඔබේ දරුවා පුහුණු කරන්න. උදා: වශයෙන් “බලන්න දුව/පුතා, අමාලි අඬනවා.  ඇයි කියල දන්නේ නැහැ.  ඔයා එයා ළඟට ගිහින් අහල එයාට උදවු කරන්න පුළුවන්” හෝ “ඩිලාන් බඩගින්නේ ඉන්නේ. පුතා ඔයාට පුළුවන් ඔයාගේ චොකලට් එකෙන් කෑල්ලක් එයාට දෙන්න” ආදී වශයෙනි. සංසුන් වන්න: දෙමව්පියන් සංසුන්ව, හොඳ හැසිරීමකින් යුක්ත නම්, ඔවුන්ගේ දරුවන්ද තම චිත්තවේග යටපත් කරගෙන සිටීමට ඉගෙන ගනී.  එම දරුවන් කළ කෝළාහල ආදියට සහ ප්‍රකෝපකාරී කතාබහට සම්බන්ධ නොවේ.

#newbornbaby #babycare #botherandsister #newmember

note

 

You may also like
Those Dreaded Labour Pains & Final Reward
Protect Your Child’s Head!
When Buying Feeding Bottles
කිරි දීම යනු කුමක්ද?
error: Content Protected © mummypages.lk