Home > ගර්භනී > අල්ට්රාසවුන්ඩ් ස්කෑන් යනු කුමක් ද ?

අල්ට්රාසවුන්ඩ් ස්කෑන් යනු කුමක් ද ?

mptv-ad

ගර්භනී සමය තුලදී ඔබට අවම වශයෙන් අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් දෙකක්වත් කිරීමට සිදුවේ .මෙම ලිපි ඔබට ඒ පිලිබදව අවබෝධයක් ලබා ගැනීමට උපකාරීවේ.

අල්ට්රාසවුන්ඩ් ස්කෑන් යනු කුමක්  ?

මෙම ධ්වනි තරංග උපයෝගී කරගනිමින් සිදුකරන තවත් ස්කෑන් වර්ගයක්වේ. මෙමගින් ගර්භාෂය තුල සිටින බිළිදාගේ රුපය ධ්වනි තරංග උපයෝගී කර ගනිමින්දැකගනි.

සති 12දී දින නිර්ණය සදහා සිදුකරන ස්කෑන් පරීක්ෂණය මගින් දරුවාගේ ප්‍රමාණය, ඔබේ කලලයේ සති ගණන ඉතාම නිවැරදිව සහ ඔබට ප්‍රසවය සදහා නියමිත දිනය ඉතාමත් නිවැරදිව පැවසීමට වෛද්‍යවරයාට හැකියාව ලැබෙනවා. ස්කෑන් පරක්ෂණ සිදුකිරීමෙන් ඔබට නිවුන් දරුවන් ලැබීමට සිටිනවද වෛද්‍යවරයාට කල්තියා දැනගැනීමට ලැබේ. සති 18-21දී පමණ “අනෝමලී ස්කෑන් “පරීක්ෂණය සිදුකිරීම මගින් වෛද්‍යවරයා දරුවට ශාරීරික විකලාංගතාවයක් තිබේද පරික්ෂා කෙරේ. මෙයට අමතරව ඔබ කැමතිනම් දරුවාගේ ලිංගය (ස්ත්‍රී ,පුරුෂ බව )විකිරණ වේදියාගෙන් හෝ වෛද්‍යවරයාගෙන් දැනගත හැක.

එමෙන්ම අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් පරීක්ෂණය මගින් ඔබේ දරුවා හා වැදහාමහ පිහිටන ස්ථානය සහ ඔබේ දරුවා සාමන්‍ය ආකාරයට වර්ධනය වනවාද යන්න වෛද්‍යවරයාට දැනගැනීමට හැකියාව ලැබේ. (විශේෂයෙන්ම ඔබට නිවුන් දරුවන් ලැබීමට සිටිනවානම් එය දැනගත හැක.)

මෙය සිදුකරන්නේ කවුද?

මෙම පරීක්ෂණය විකරණ වේදියකු හෝ වෛද්‍යවරයෙකු සිදුකරයි. ඒ පිළිබදව ඔබට තවත් තොරතුරු අවශ්‍යනම් “ඔබේ පුර්ව ප්‍රසව කණ්ඩායම කවුද?යන්න ලිපිය කියවන්න.

අල්ට්රාසවුන්ඩ් පරීක්ෂණය සිදුකරන්නේ කෙසේද?

මෙම පරීක්ෂණය සිදුකිරීමට පිරුණු මුත්‍රාශයකින් පැමිණීමට ඔබට උපදෙස් ලබා දේ .එම නිසා පරීක්ෂණයට පැය 2-3ට පෙර හොදින් ජලය පානය කර මුත්‍රා පිට නොකර පරීක්ෂණය සදහා යොමුවීමට අමතක නොකරන්න .විකිරනවේදියා හෝ වෛද්‍යවරයා ස්කෑන් කාමරයේදී පහසුවෙන් දිවීමට පවසාවි .එමෙන්ම ලිහිසි ජෙල් ස්වල්පයක් ඔබේ උදරයේ තවරනු ලැබේ.ස්කෑන් උපකරණය කිහිපවරක් ඔබේ උදරය මතින් ගෙනයන අතර මෙම ධ්වනි තරංග පරාවර්තනය වීම මගින් රුපවාහින තිරය  ඔබේ බිළිදාගේ රුව දැකගැනීමට ලැබේ.ඔබට මෙම පෙනෙන දෙය අවබෝද කරගැනීමට අපහසුනම් ඒ පිළිබද වෛද්‍යවරයාගෙන් හෝ විකිරනවෙදියාගෙන් අසා පැහැදිලිකරගන්න .ඔබේ නුපන් දරුවවත් ප්‍රථමයෙන් දැක ගැනීමේ අවස්ථාවට ඔබේ සහකරුවාවත් සහභාගී කරගැනීමට අමතක කරන්න එපා.

මෙහි අවදානමක් තිබේද?

මෙම පරීක්ෂණය  වේදනාවකින් තොර වන අතර ගර්භනී සමය  තුලදී අල්ට්‍රාසවුන්ඩ් පරීක්ෂණය සිදුකිරීම ඔබට හෝ දරුවාට අනතුරක් ඇති බව මේ වනවිටත් සොයාගෙන නෑ .

#ultrasoundscan #pregnancy #pregnantmother #duringpregnancy #scan #pregnancycare #pregnancycheckup

notice.png low

මෙම ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුනානම් හෝ ඔබේ මිතුරියකට ප්‍රයෝජනවත් වේ යයි සිතනවානම්, කරුණාකර පහත ඇති “SHARE” ක්ලික් කිරීමෙන් එය බෙදා හදා ගැනීමට අමතක කරන්න එපා. තවද, මෙම ලිපිය පිළිබඳව ඔබේ අදහස්, යෝජනා සහ අනෙකුත් මවුවරුන්/කාන්තාවන් හට ප්‍රයෝජනවත් වන ඔබේ අත්දැකීම් පහත ලියා තැබීමටද

You may also like
Those Dreaded Labour Pains & Final Reward
IVF (In-Vitro Fertilization) in sri lanka
What Maternity Leave Mean To A Working Parent
ගර්භය තුළ සිටියදී ඉගෙනීම
error: Content Protected © mummypages.lk