Home > Latest Articles > අර්ශස් රෝගය ගැන ඔබ දැන ගත යුතු දැ

අර්ශස් රෝගය ගැන ඔබ දැන ගත යුතු දැ

හේතු : අර්ශස් (රක්තරීතාහය) යනු පහල ගුද මාර්ගයේ හෝ ගුදය අවට තිබෙන රුධිර නාල විශාල වීම හෝ ඉදිමීමයි. ගර්භනී සමයේ සිදුවන හෝමෝනවල වෙනස්කම් හා ගර්භය තුල  වර්ධනය වන දරුවාගේ බර මේ සඳහා බලපායි. එමෙන්ම දරු උපත සිදු කිරීමේදී මහත් ආයාසයෙන් පහතට තල්ලු කිරීමේදී මෙම තත්වය ඇතිවිය හැක. මළපහ සමග රුධිරය පිටවීම, මළ පහ කිරීමේදී ගුද මාර්ගය අසල වේදනාව, මළ පහ පිටවීමෙන් පසු ශ්ලේෂ්මලය පිටවීම, කැසීම, වේදනාව හා ගුදය අවට ප්‍රදාහයට පත්වීම මෙම රෝගයේ ලක්ෂණ වේ. එමෙන්ම මලපහ පිටකළ පසුත් මලපහ පිටකිරීමේ අවශ්‍යතාවය දැනීමද මේ අතර වේ. සමහර අවස්ථාවල මළ පිට කල පසු අර්ශෂ් පිටතට ඒමද සිදුවේ. කෙසේවෙතත් අර්ශෂ් තත්වය දරු උපතෙන් පසු ස්වාභාවිකවම  නැතිවී යාම සිදුවේ.

පාලනය කිරීම :

ඔබට අධික වේදනාවක් ඇත්නම්, අර්ශෂ් එලියට පැමිණ ඇත්නම් හෝ මළ පහ සමග රුධිරය පිටවීම හෝ ශ්ලේෂ්මලය පිටවේ නම් ඒ පිළිබඳව වෛද්‍යවරයාට හෝ පවුල් සෞඛ්‍යය නිලධාරිනියට දැනුම් දෙන්න. ඔවුන් ඒ සඳහා සුදුසු ආලේපනයක් ලබාදීම තුලින් අවම කිරීමට ඔබට උපකාරී වනු ඇත.

අර්ශෂ් රෝගය වලක්වා ගැනීමට හා රෝග ලක්ෂණවල අපහසුතා අවමකර ගැනීමට පහත උපදෙස් පිළිපදින්න.

  • මළ බද්ධය ඇතිවීම වලක්වා ගන්න – අර්ශස් ඇතිවීම සඳහා මල බද්ධය ඉතාමත් තදින් බලපායි. එම නිසා ප්‍රමාණවත් තරම් ජලය පානය හා තන්තුවලින් පොහොසත් ආහාර ලබාගැනීම වැදගත්. මේ පිළිබඳව ආහාර පිළිබඳව ඇති ලිපියේ තවදුරටත් විස්තර සපයා ඇත.
  • බොහෝ වෙලාවක් හිටගෙන සිටීමෙන් හෝ ඉදගෙන සිටීමෙන් වලකින්න.
  • දිනපතා සාමාන්‍ය ව්‍යායාම සිදු කිරීම හා කාර්යශීලිව ජීවත් වන්න. ව්‍යායාම පිලිබඳ ලිපියෙන් මේ පිළිබඳව වැඩි විස්තර ලබාගන්න.
  • මලපහ පිටකිරීමේදී ආයාසයෙන් පිටතට තල්ලු කිරීමෙන් වලකින්න. මෙසේ කිරීම මගින් අර්ශස් තත්වය තවත් වැඩිවේ. නිසා වීදුරු 6-8 ක් පමණ පානය කිරීම, පලතුරු එළවළු ආහාරයට එක්කරගැනීම මෙන්ම වෛද්‍ය උපදෙස් මත මෘදු විරේකයක් භාවිතා හැක.
  • මලපහ කිරීමෙන් පසු ගුද මාර්ගය අවට මෘදුව සෝදා තෙත මාත්තු කරන්න. තදින් පිස දැමීමෙන් වලකින්න.
  • අධික වේදනාව ඇතිවිට පිරිසිදු රෙදි කැබැල්ලක් අයිස් වතුරේ පොඟව මිරිකා ගුදයට තැබීමෙන් වේදනාව අවම කරගත හැක. එමෙන්ම අර්ශස් එලියට පැමිණ ඇත්නම් පිරිසිදු ඇඟිලි භාවිතාකර එය ඇතුලට තල්ලු කිරීමේ හැකියාව ඔබට ඇත.
  • ඉඳගෙන සිටීම අපහසු නම් කොට්ටයක් තබා ඉඳගන්න. (Valley Pillow)

අයිතිය අත්හැරීමේ ප්‍රකාශය :

මමිපේජස් යනු වෛද්‍යවරයෙක් හෝ චිකිත්සකයෙක් නොවේ. මෙම වෙබ් අඩවියේ ඇති තොරතුරු සාමාන්‍ය දැනගැනීම පිණිස මිස, එය විශේෂඥ වෛද්‍ය උපදෙස් නොවන බව කරුණාවෙන් සලකන්න. මෙම වෙබ් අඩවියේ ඇති තොරතුරු රෝග විනිශ්චය කිරීම සඳහා යොදා නොගන්න. ඔබට යම් රෝගයක් වැළඳී ඇති බව දැනේ නම්, වහාම වෛද්‍යවරයෙක් හමුවන්න.

You may also like
ක්ෂයරෝගය යනු කුමක්ද?