Home > දෙමාපිය දැනගැනිම පිණිස > ගුණදායි ආහාර > අධි බර කොටසට අයත් දරුවෙකුගේ ආහාර පාලනය කළ යුත්තේ කෙසේද ?

අධි බර කොටසට අයත් දරුවෙකුගේ ආහාර පාලනය කළ යුත්තේ කෙසේද ?

mummypages.lk-Tiki-banner

දරුවාගේ බර සහ උස යන සාධක දෙකම ඇයගේ නිරෝගී බවට බලපානවා. පාලනයකින් තොරව ආහාර ගැනීම නිසා තරබාරුවීම වැළැක්විය නොහැකිය. දරුවා වැඩිපුර ආහාර ගැනීමට ඇබ්බැහිවී ඇති නිසා ඇයගේ ආහාර පාලනය කළයුත්තේ ක්‍රමානුකූලවය. ඇයට
නොදැනෙන්නට බත් පිඟානේ බත් ප්‍රමාණය අඩු කර ඒ වෙනුවට පිගානේ එළවළු ප්‍රමාණය වැඩි කරන්න. හැකිතාක් අධික තෙල් සහිත
ආහාර, ක්ෂණික ආහාර, පැණි බීම වර්ග, පාන් හා බනිස් ලබා දීම අවම කරන්න. පවුලම ඇයට සහයෝගය ලබා දීමත් වැදගත්. ඒ
කියන්නේ නිවසේ සියලු දෙනාම රෝල්ස්, පැටිස් අනුභව කරමින් අර දරුවාට පමණක් නොදී සිටීම වෙනුවට ඒ ආහාර අනුභව නොකර
සිටීම යෝග්‍යයි. තව දුරටත් දරුවාගේ බර පාලනය නොකළහොත් ළමා දියවැඩියාව, හෘද රෝග වැනි තත්ත්වවලට දරුවා ගොදුරු විය
හැකිය. පවුලම ඇයට සහයෝගය ලබා දී ඇය මෙම තත්ත්වයෙන් මුදා ගන්න.

මුල් මාස හය හැරුණු කොට අමතරව තවත් කොපමණ කාලයක් දරුවෙකුට මව්කිරි ලබාදිය යුතුද?

මුල් මාස හයට අමතරව සාමාන්‍යයෙන් දරුවකුට වසර තුනක් පමණ වනතුරු මව්කිරි ලබාදිය හැකිය.

දරුවන්ට පණු බෙහෙත් ලබා දීම ආරම්භ කළ යුත්තේ කුමන වයස් සීමාවේදීද?

සාමාන්‍යයෙන් දරුවාට වසර 2 පමණ වන විට පණු බෙහෙත් ලබා දිය හැකිය. පිරිසිදු පරිසරයක ජීවත් වන දරුවකුට නම් වරින් වර පණු බෙහෙත් දීම අත්‍යවශ්‍ය නොවේ. නමුත් නිසි ලෙස වැසිකිළි පහසුකම් නොමැති අපිරිසිදු පරිසරයක ජීවත් වන දරුවකුට නම් මාස හයෙන් හයට පණු බෙහෙත් නිර්දේශ කරයි. කෙසේ වෙතත් දරුවා ගුද මාර්ගය අසල කසනවා නම් වෛද්‍ය නිර්දේශ මත පවුලටම පණු ප්‍රතිකාර ගත යුතුය.

#fatbaby #fatkids #food #healthyfood #dietplan #foodtime

note

You may also like
කෘතිම ආහාර ගැන දැනුවත්ද
Blended Chicken in White Sauce (from ~9 months)
කටට රසට ක්ලබ් සැන්ඩ්විච්
ගෙදරදිම රසට වට්ටක්කා සුප් සදා බලමුද
error: Content Protected © mummypages.lk