Home > ගර්භනී > අද ඕනෑ තරම් උපත් පාලන ක්‍රම ඇති බව ඔබ නොදන්නවා නොවේද?

අද ඕනෑ තරම් උපත් පාලන ක්‍රම ඇති බව ඔබ නොදන්නවා නොවේද?

අද ඕනෑ තරම් උපත් පාලන ක්‍රම ඇති බව ඔබ නොදන්නවා නොවේද?එම නිසා විවාහක කාන්තාවක් වශයෙන් ඒ පිළිබද අවදානය යොමුකළ යුතු නොවේද?

      පාසල් ළමුන් බොහෝ විට මේ තත්වයට යොමු වන්නේ ඔවුන්ට යම් අයකුගෙන් අපරාදයක් සිදුවූ විට හෝ තමන්ගේ නොදැනුවත් කමනිසා තරුණ තරුණියන් මේ ලිංගික ජීවිතය අත්හදා බැලීමට යාමයි.අද බොහෝ තරුණ පිරිස් ආලයෙන් අන්ධ වීමෙන් මේ අපරාදයට යොමුවෙති.නමුත් අවසානයේ සමාජයට මුහුණ දීමට නොහැකිව අසරණ වීම නිසා ගබ්සා කිරීමට යොමු වෙති.

සාපරාදී ගබ්සාවක හානිකර ප්‍රතිපල –

මෙහිදී සිදුවන්නේ මාස දෙකක් හො තුනක් වයස ඇති දරුවා බලෙන් ශරීරයෙන් ඉවතට ගැනීමයි .එහිදී එක එක උපකරණ බාවිතා කර දරුවා ඉවතට ගැනීම සිදු කරයි.මේ අවස්ථාවේදී අධික ලෙස රුධිරය වහනය වීම සිදුවේ.ඒ වගේම අභ්‍යන්තර අවයව වලටද හානි සිදුවේ.

සමහර අවස්ථා වල කම්පනය හෝ අසාදිත තත්වයන් මත මව මිය යාමට අවස්ථාව ද තිබේ.

ප්‍රජනන පද්ධතිය ආශ්‍රිත රෝග වලට ගොදුරු වේ.

නැවත දරුවන් බිහිකිරීමේ හැකියාව නැතිවීම.

ඔසප් වීම ඇන හිටීම හෝ අක්‍රමවත් වීම.

ගබ්සාවකට පසු මව මානසික රෝගියෙකු බවටද පත්විය හැක.

විශේෂයෙන් ඔබ ගබ්සාවක් සිදු කිරීමට පෙර මතක තබා ගතයුතු කරුණක් ඇත.එනම් ජීවත්ව සිටින මිනිසෙකුට කවුරුන් හෝ හිරිහැර කිරීමට සැරසෙනවිට ඔහු එයින් මිදී පලායාමට උත්සාහ ගනී නමුත් කුසතුල සිටින දරුවා කෙසේනම් බේරී පලායන්නද ?

“අනේ අසරණ අහිංසක කිරිකැටියා මරණයේ අනේක දුක්විද මරුමුවට පත්වේ.”

දැන් ඔබ ගබ්සාවක් යනු කුමක්ද?එයින් සිදුවන විපාක හා දුෂ්කරතා හොදින් අවබෝද කරගෙන ඇති බව මා දනිමි.කාන්තාවන් වන අප දරුවකු දරුවකු බිහිකිරීමේ වරය ලබා ඇත.එය අද නවීන තාක්ෂණයට වත් කල හැකි දෙයක් නොවේ.එම නිසා තරුණියක කාන්තාවක වශයෙන් ගබ්සාවක් කිරීමට ප්‍රථම දෙවරක් සිතන්න.මන්ද එයින් සිදුවන අනිසි ප්‍රතිපල ඔබ දන්නා බැවිනි.

යම් ලෙසකින් ඔබට දරුවා හදා ගැනීමට නොහැකිනම් අද දරුවන් නොමැතිව දුක්විදින දෙමාපියන් කොතෙකුත් සිටීද.එවන් අයෙකුට දරුවා බාර දෙන්න.එය මෙවැනි අපරාදයක් කරනවාට වඩා පුණ්‍ය කර්මයකි.

අවිවාහක තරුණියන්ද තාවකාලික සැපය පසුපස නොගොස් තමන්ට ගැලපෙන විවාහයක් නියමිත වයසේදී සිදුකර ගෙන සොදුරු ආදරයේ ආස්වාදය නිර්මාණය කරගැනීමට හැකි බව ඔවුන් මතක තබා ගත යුතුයි.

අපේ ඇති වැරදි වලට නොපිපුණු මල් කැකුලක් පොඩිකර ලන්නේ මන්ද?

#birthcontol #women #men #abortion

note