Home > දෙමාපිය දැනගැනිම පිණිස > අතික්‍රියාශීලී ළමයින් හසුරුවා ගන්නා අන්දම

අතික්‍රියාශීලී ළමයින් හසුරුවා ගන්නා අන්දම

කුඩා ළමයින් ක්‍රියාශීලී වීම ස්වභාවික සංසිද්ධියකි.  මගේ නිවුන් දරුවන්, ඔවුන්ට වයස අවුරුදු දෙකේදී මම ඔවුන්ව හැඳින්වූයේ “ශක්තිවන්ත හා පැටවුන්” ලෙස බව මට කිසිදිනෙක අමතක නොවේ.  ඔවුන් ඇඳෙන් නැගිටින විටම ඉතා ක්‍රියාශීලී වේ. අප කිසිවෙකුත් ඔවුන් නින්දට යැවීම නොකරයි නම්, ඔවුන් දවසේ පැය 24 පුරාම වූවත්, ක්‍රියාශීලීව සිටී.  එහෙත් මෙහි සඳහන් කරන අතික්‍රියාශීලී දරුවන් ඔවුන් නොවේ.

අනිත් අතින්, අතික්‍රියාශීලී ළමයින් යනු, අස්ථාවර සහ අසීමිත ශක්තියක් ඇති ළමුන් වේ.  කෙසේ නමුත්, ඔබේ දරුවාගේ සහ පවුලේ දිනචර්යාවේ වෙනසක් සිදු කළහොත්, ඔබේ අතික්‍රියාශීලී දරුවන්ගේ හැසිරීම් රටාවේ වෙනසක් ඇති කිරීමට සහ ඔවුන් සමතුලිත භාවයට පත් කර, හොඳ හැසිරීම පුරුදු කිරීම කළ නොහැක්කක් නොවේ.

අතික්‍රියාශීලී ළමයින් මෙහෙයවීම දෙමව්පියන්ට මෙන්ම, පාසැල් ගුරුවරුන්ටත් ඉමහත් අපහසු කාර්යයකි.   එයට හේතුව, එම දරුවන්ට සැමවිටම යම් දෙයක නිරත විය යුතුවීමයි.  ස්වභාවයෙන්ම අතික්‍රියාශීලී දරුවන්  හැර, අනිත් දරුවන් අතික්‍රියාශීලී ළමයින් බවට පත්වන්නේ දෙමව්පියන්ගෙන් ඔවුන් වෙත නිසි අවධානය නොලැබීම නිසාවෙනි.  වාර්තාවල සඳහන් වන්නේ, දරුවන් අතික්‍රියාශීලී වන්නේ, ඔවුන්ට නොලැබෙන අවධානය ලබාගනු රිසියෙන් බවයි.  විශේෂයෙන් පාසැලේදී හෝ නිවසේදී මෙවැනි අතික්‍රියාශීලී දරුවන් හැසිරවීම පහසු කටයුත්තක් නොවේ.

අතික්‍රියාශීලී ළමයින් සමඟ ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳ අදහස් කීපයක්:

  • ඔබේ දරුවාට අනුවර්තනය වීමට උදව් කරන්න ඔබේ දරුවාට හික්මීමත්, අවධානය යොමු කිරීමටත් උගන්වන්න.  ඔබ යම් දෙයක් අදහස් කරන බවට දරුවාට හැඟෙන්නට ඉඩ දෙනු විනා, ඔබෙත් දරුවාගේත් ඇති බැඳීම මුල් කරගෙන දරුවාට උපදෙස් සහ නියෝග දෙන්නට එපා.
  • ඔබේ දරුවාගේ අවධානය නියමිත දෙයක් කෙරෙහි යොමු කරවන්න ඔබේ දරුවාව නොයෙකුත් ක්‍රියාකාරකම්වල නිමග්න කරන අතර, ඔහු තුල ධනාත්මක සිතිවිලි පෝෂිත කරන්න. දරුවාගේ අවධානය නිර්මාණ කෙරෙහි යොමු කිරීමෙන්, ඔහුගේ අවධානය එය කෙරෙහි තබා ගැනීමට හැකිය. ඔබේ දරුවාගේ හැසිරීම සහ ශක්තිය නිවැරදි මඟ ඔස්සේ යැවීමට අවශ්‍ය බව අමතක කරන්න එපා.
  • දින චර්යාවක් ගොඩ නඟන්න දින චර්යාවක් ඕනෑම දරුවෙකුට පුරුදු කළ හැක. විශේෂයෙන් අතික්‍රියාශීලී දරුවන්ට වුවද, දින චර්යාවකට අනුව වැඩ කිරීමට කටයුතු පිළියෙළ කළ හැක.
  • වැඩිපුර උත්තේජක භාවිත කරන්න එපා –  බොහෝ වෛද්‍යවරුන්ගේ මතය වන්නේ වැඩිපුර උත්තේජක භාවිත නොකරන ලෙසයි.  රූපවාහිනිය නැරඹීමට දීම ඉතා අඩු කළ යුතුය, විශේෂයෙන් රාත්‍රී කාලයේදී.  දවසකට වැඩ සටහන් එකක් හෝ දෙකක් පමණක් නැරඹීමට ඉඩදෙන්න.
  • මනස ශාන්ත කරන විකල්ප යොදා ගන්න – ඔබේ දරුවාව යෝගා ව්‍යායාම හෝ භාවනා වැඩ සටහන් සඳහා යොමු කරවන්න. මෙමඟින් දරුවාගේ මනස ශාන්ත වන අතර, ඔවුන් තුල ධනාත්මක සිතිවිලි සනිටුහන් වේ.
  • දරුවන්ට නිවසේ ඇති නොයෙකුත් වැඩ කටයුතු කිරීමට යොදවා ගන්න නිවසේ ඇති නොයෙකුත් වැඩ කටයුතු කිරීමට දරුවාව යොදා ගන්න.  තම කාමරය අස්පස් කිරීම, අතු ගෑම, මිදුලේ වැඩ කටයුතු වැනි දේ කිරීමට දරුවාව උනන්දු කරන්න.  අතික්‍රියාශීලී දරුවන් මෙවැනි වැඩ කටයුතු කිරීමෙන් විනෝදයක් ලබනු ඇත.
  • ඔවුන්ගේ වැරදි හැසිරීමට යම් කාලයක් වෙන් කරන්න දරුවන් යම් නීතියක් අනුගමනය කිරීමට අපොහොසත් වූවොත්, ඔවුන්ව ස්වල්ප වෙලාවකට නිවසේ කොනකට යවන්න. පසුව, දරුවාගේ හැසිරීමේ වරද වටහා දෙන්න.
  • හොඳ හැසිරීම පසසන්න දරුවා වෙනුවෙන් සටහනක් පිළියෙළ කර, හොඳ හැසිරීමට තරු ලකුණක් යොදන්න.  යම් කාලයකට පසු දරුවාට තරු ලකුණු කොපමණ තමා ලබාගෙන ඇත්දැ’යි ගණන් කර බැලීමට අනුබල දෙන්න.  එවිට, දරුවා වැඩි තරු ලකුණු ලබා ගැනීම සඳහා පෙළඹේ.

අතික්‍රියාශීලී ළමයින්ව හැසිරවීමේදී, පළමුව ඔබේ ඉවසීම සහ ශාන්ත බව වඩාත් අවශ්‍ය වේ!

#howtohandleoverwhelmingchildren #someideasonhowtoactwithvigorouschildren #helpyouradolescentto adapt

අයිතිය අත්හැරීමේ ප්‍රකාශය :

මමිපේජස් යනු වෛද්‍යවරයෙක් හෝ චිකිත්සකයෙක් නොවේ. මෙම වෙබ් අඩවියේ ඇති තොරතුරු සාමාන්‍ය දැනගැනීම පිණිස මිස, එය විශේෂඥ වෛද්‍ය උපදෙස් නොවන බව කරුණාවෙන් සලකන්න. මෙම වෙබ් අඩවියේ ඇති තොරතුරු රෝග විනිශ්චය කිරීම සඳහා යොදා නොගන්න. ඔබට යම් රෝගයක් වැළඳී ඇති බව දැනේ නම්, වහාම වෛද්‍යවරයෙක් හමුවන්න.