Home > Latest Articles > අඩු උපත් බර යනු කුමක්ද?

උපත් බර යනු බබා උපන් අවස්ථාවේ ග්‍රෑම් 2500ට වඩා අඩු බරකින් යුක්ත වීමයි.   නමුත් සාමාන්‍යයෙන් ග්‍රෑම් 2000 සිට ග්‍රෑම් 3500 අතර  බර ප්‍රමාණය සැළකිය හැකි තත්ත්වයක පවතී.

ශ්‍රී ලංකාවේ අඩු උපත් බර ඇති බබාලා බොහෝ ප්‍රමාණයක් ඇත.  ශ්‍රී ලංකාවේ බර අඩු දරු උපත් සංඛ්‍යාව ක්‍රමයෙන් වැඩි වෙමින් පවතී.  බොහෝ වශයෙන් මෙයට ප්‍රධාන හේතුව වශයෙන් පවතින්නේ නොමේරූ (නියමිත දින ගණන සම්පුර්ණ නැති) දරු උපත් සහ නිවුන් දරු උපත් වේ.  තනි දරු උපත් සමඟ සැසඳීමේ දී, 50%ක් නිවුන් දරු උපත්වල නියමිත බරින් අඩු බබාලා ඇත.  නියමිත බරෙන් යුත් දරුවන් සමඟ සැසඳීමේදී, බරින් අඩු බබාලා ප්‍රමාණයෙන් ඉතා කුඩා වේ.  කෙසේ හෝ, එම දරුවන්ගේ ඔළුව ප්‍රමාණයෙන් විශාලව පෙනෙන අතර, ශරීරය කුඩාවට දිස් වේ.

බරින් අඩු දරු උපත් ඇති වීමට හේතු:

ශ්‍රී ලංකාවේ බරින් අඩු දරු උපත් සඳහා ප්‍රධාන හේතු වශයෙන් සැළකෙන්නේ නොමේරූ දරු උපත්, එනම් සති37 සම්පුර්ණ වීමට පෙර ඇති වන දරු උපත් වේ. බබෙක් නියමිත කාලයට පෙර ඉපදීමේ දී, ඔහුට හෝ ඇයට මවගේ ගර්භය තුළදී නියම බර ප්‍රමාණයෙන් වැඩීමට ඇති කාලය මදි වේ.  එයට හේතුව වන්නේ දරුවා බර ප්‍රමාණයෙන් වැඩි වනුයේ ගර්භනී අවස්ථාවේ අවසන් කාල සීමාවේදී  වීමයි.

බරෙන් අඩු දරු උපත් සඳහා ඇති අනෙක් කරුණු වන්නේ, ඩිම්බබන්ධයේ යම් ප්‍රශ්නයක්  හෝ මවගේ ශාරීරික දුර්වලතා නිසා  හෝ දරුවාගේ තත්ත්වය අනුවයි. බරින් අඩු දරු උපත් වලදී බබා සාමාන්‍ය ප්‍රමාණයට වඩා කුඩා වේ.

බරින් අඩු දරු උපත් සඳහා ඉවහල් වන අනෙකුත් කරුණු:

ඉහත සඳහන් කරුණු වලට අමතරව බර අඩු දරු උපත් සඳහා වෙනත් කරුණු ද බල පෑ  හැක.

  • ජාතිය ශ්‍රී ලංකාවේ බබාලා සාමාන්‍යයෙන් සුදු ජාතික බබාලාට වඩා බරින් අඩුවේ.
  • වයස අඩු වයසින් යුක්ත මව්වරුන්ගේ බබාලාට, උපත් බර අඩුවීමේ වැඩි අවදානමක් ඇත.
  • බොහෝ දරුවන් එකවර ඉපදීම නිවුන්, තුන් නිවුන් සහ එයට වැඩි ප්‍රමාණයක් දරුවන් එකවර ඉපදීමේදී අඩු බරකින් යුක්ත වේ.
  • සෞඛ් තත්ත්වය මව්වරුන් විෂ මත්ද්‍රව්‍ය, මත්පැන් සහ සිගරට් වැනි ද්‍රව්‍ය පරිහරණය කරත් නම්, බරින් අඩු බබාලා ඇති වීමට ඉඩ ඇත.
  • පෝෂ්යදායක ආහාර පෝෂ්‍යදායක තත්වයෙන් යුක්ත නොවූආහාර ලබා ගන්නා මව්වරුන්ට, එනම් ගර්භනී වීමට පෙර පෝෂ්‍යදායක ආහාර නොලැබීමෙන්, ගර්භනී අවස්ථාවේදී පෝෂ්‍යදායක ආහාර ලබා නොගැනීමෙන් සහ ගර්භනී අවස්ථාවේ දී නොයෙකුත් සංකූල තත්වයන්ට මව මුහුණ දීම නිසා ද, බරින් අඩු දරු උපත් ඇති වේ.

බබාගේ උත්පත්ති බර අඩුවීම නිසා ඇති අවදානම

බබා ඉපදෙන විට බර අඩු වීම නිසා නොයෙකුත් ආකූල තත්ත්වයන් ඇතිවිය හැකි අතර, අලුත උපන් බබාට විශේෂ සැළකිල්ලක් දැක්විය යුතුය.  බබාගේ කුඩා සිරුර එතරම් ශක්තිමත් නොමැති බැවින්, බබාට ආහාර ගැනීම, බබාගේ ශාරීරික බර වැඩිවීම, විෂබීජ සමඟ සටන් කිරීමට ඇති හැකියාව  සහ සාමාන්‍ය දේශගුණික තත්ත්වයේදී පවා ශරීරය උණුසුම්ව තබා ගැනීම ආදිය අපහසු වේ.  උත්පත්තියේදී ශරීර බර ප්‍රමාණය අඩු වීම නිසා, මුහුණ පාන්නට වන පොදු ප්‍රශ්න වන්නේ, උපතේදී ඔක්සිජන් මට්ටම අඩු වීම, ආසාදන තතත්වයන් ඇතිවීම, හුස්ම ගැනීමේ ප්‍රශ්න, ස්නායු ආබාධ,  උදර සහ අභ්‍යන්තරික අවයව සම්බන්ධ ආබාධ සහ හදිසි ළදරු මරණ ආදියයි. ශ්‍රී ලංකාවේ සෑම බරින් අඩු දරු උපතකදීම එම බබාලාට විශේෂ සැළකිල්ලක් අවශ්‍ය වේ.

උත්පත්තියේදී බරින් අඩු දරුවන්ගේ, වෙනත් ව්‍යාකූල තත්ත්වයක් නොමැති නම්,  ක්‍රමයෙන් යම් කාලයක් තුළදී, ශාරීරික වැඩීමක් ඇති වේ.

#BirthWeigh #BirthWeightLossislow #BirthWeightlow #growwithus

අයිතිය අත්හැරීමේ ප්‍රකාශය :

මමිපේජස් යනු වෛද්‍යවරයෙක් හෝ චිකිත්සකයෙක් නොවේ. මෙම වෙබ් අඩවියේ ඇති තොරතුරු සාමාන්‍ය දැනගැනීම පිණිස මිස, එය විශේෂඥ වෛද්‍ය උපදෙස් නොවන බව කරුණාවෙන් සලකන්න. මෙම වෙබ් අඩවියේ ඇති තොරතුරු රෝග විනිශ්චය කිරීම සඳහා යොදා නොගන්න. ඔබට යම් රෝගයක් වැළඳී ඇති බව දැනේ නම්, වහාම වෛද්‍යවරයෙක් හමුවන්න.